Wednesday, April 21, 2021

තුෂාරාගෙන් බ්ලොග් අඩවියක්


 තුෂාරා වන්නිආරච්චී බුකියට අමුත්තියක් නෙමෙයි. ඇය පොලිටිකල් ජීවියෙක්. තුෂාරත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන. නම වරෙන්තුව. පහළ ලින්කුව උඩ ඩබල් ක්ලික් කරාම වරෙන්තුවක් ලබාගන්න පුලුවන්. ගිහින් වරෙන්තුවක් ලබාගෙන එන්න.


මෙතනින් පිවිසෙන්න - වරෙන්තුව

Tuesday, January 12, 2021

අලුත් බ්ලොග් අඩවියක් කමල්ගෙන්



කමල් පී අලහකෝන් මම හඳුනා ගන්නේ බුකියෙන්... මම ඔහුගේ රසිකයෙක්.. මාතලේ ප්‍රදේශයේ ජීවත් වන් ඔහු හදවතින්ම කලාකාරයෙක්... ඒ වගේම සමාජ සේවකයෙක්.. ඒ කියලා ඔහු ලියන්නේ කලාව ගැන පමණක් නොවේ. දේශපාලනය, ඉතිහාසය, භාෂාව වැනි විෂයයන් රාශියක් ඔහුගේ ලේඛන කලාවට ඇතුලත්... ඔහු උගතෙක් බහුශෘතයෙක් පන්ඩිතයෙක් සිනමාවේදියෙක් නාට්‍යවේදියෙක් හා සකල කලා වල්ලබයෙක්


බ්ලොග් වලට එච්චර සේ ඒකක් නැති කාලයේ ඔහු අලුත් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා... හැකිනම් ගිහින් පොඩි දිරිගැන්වීමක් දීලා සහයෝගයක් දෙන්න...


මේ ඔහුගේ බ්ලොග් අඩවිය... ඊට පිවිසීම සඳහා ඒ මත දෙසරයක් ක්ලික් කරන්න...


කල්පිලන්තය... 

Wednesday, May 23, 2018

අපූරු බ්ලොග් අඩවියක් - නිදීගේ පංච තන්තරේ




// "උඹ කොහොමද හරියටම කියන්නේ මගේ පුතා අතින් උඹේ කෙල්ලට අපරාධයක් වුණයි කියලා."

"ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ!" පර්ල් වාසුදේවි අඬ-අඬා ඔය සීන් එක කොයි තරම් හොඳට රඟපාලා තිබුණද කිව්වොත්, මහරගම නැෂනල් තියටර් එකේ හිටි නරඹන්නෝ සේරම හිනා කෑවා.

මගේ යහළුවා නම් එදා හිටියේ හිනාවෙන තත්වෙක නෙවෙයි.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා. මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා. //


අපූරු ලියවිල්ලක්.... ගිහින් පොඩි පිකප් එකක් දෙන්න...

Thursday, March 22, 2018

හර්ෂගේ ඇම්බියුලන්ස්




අපේ හර්ෂ ද සිල්වා මහත්තයා ඇම්බියුලන්ස් සර්විස් එකක් දැම්මා නේ..
ඕකට අර ලෝකේ හොඳම ප්‍රමිතිය තියෙන දොස්තරලා ඉන්නා ගොම සංගමෙත් කොක්ක ඇද්දා නේ,
ඒකෙන් ගේන ලෙඩ්ඩු බාර ගන්න නැතෙයි කියලා.
ඒ කිව්වට, දැන් ඒකෙන් ගේන ලෙඩ්ඩු එයාලා බාර ගන්නවා.
මක්කා කලත් ඉතින් ඔය ගොම සංගමේ ඉන්න තිරිසන්නු ටික ඇරුනම,
අනික් උන් සත්තරන්..
උන් ඇවිත් ඉන්නේ වෙදකන් කරන්න නෙමෙයි,
දේශපාලනේ කරන්න, රජවරු තනන්න..

මේ ඇම්බියලන්ස් කොච්චර සේවයක් කරනවද කියනවා නම්,
මේ වෙන කොටත් ඔය ඉන්දියන් ඇම්බියුලන්ස් එක ඇතුලේ,
බඩ දරු අම්මලා දරුවෝ කීප දෙනෙකුත් ප්‍රසූත කලා..

ඉතින් මේ ඒ වගේ සිද්දියක් උන වෙලාවක්..

පොරක් කෝල් එකක් ගන්නවා බොහෝම කළබලෙන්
"හලෝ... මේ.... මට ඉක්මනට ඇම්බුලන්ස් එක එවනවද...? නෝනට බබා හම්බ වෙන්න....... හොඳටම අමාරුයි... වතුර බෑග් එකත් කැඩිලා වගේ..."

එහා පැත්තෙන් ස්වීට් වොයිස් එකකින් අහනවා
"මේ එයාගේ පළවෙනි බබාද..?".

නෑ හුත්තියේ.... මම දැන් කිව්වේ.... මම ඒ ගෑණිගේ මිනිහා...

**** සුද්දන්ගේ කතාවක් මගේ එකක් වගේ අනුවර්ථනය කොට හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පලකලේ මහාචාරය මාතලන් වන මා විසිනි...

Monday, March 12, 2018

දුරකතනයකින් මම ඔබ අමතමි




දුරකතනයකින් මම ඔබ අමතමි
Messenger නොමැති නිසා
මගේ හිත හඳුනන ඔබ පිලිගත්තද
රජයෙන් කියන කතා

රම්පෙට පොරි මෙන් ගෝවට අල මෙන්
අප බැදිලා උන්නේ
ජපානයට යන සිරා පොරක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි බුකියට ඇවිදින්
චැටකට සෙට් වූවා
යන හැන නිරතුරු ඩේටා දාගෙන
අපි චැට් වල උන්නා

මැසෙන්ජ තහනම් බුකියත් තහනම්
කොහොමෙයි සෙට් වෙන්නේ
VPNඇති බඩුවක් හොයමින්
මම දැන් බුකි එන්නේ..

Saturday, October 14, 2017

සංහිඳියාව ව්‍යවස්ථාව හා අමු බොරුව



යාපනයේදි සිරිසේන ගොයියා ලද ප්‍රතිචාරයට මාතලන් ඉතා මනාපය. කුණු බිත්තර පාරක් හෝ වැඳුනා නම් ඊටත් වඩා සතුටුය. බොහෝ විට මේවා කලින් සැලසුම් කළ රංගණයක් වීමට ඇති සම්භාවිතවයද 99% ක පමණ පවති. ඩ්‍රාමාවක් වුවද සිවාගෙන් එන්නේ උතුරේ ජනතාවගේ හඬය. දකුණේ ත්‍රස්තවාදීන් ලෙස නම් කළ උන් සැමරිය හැකි වුවද උතුරේ ත්‍රස්තවාදීන් සැමරීම සපුරා තහනම්ය. යහපාලනයක් තුලද තත්වයේ වෙනසක් ඇත්තේ නැතිය. හැරෙන පැත්තෙට හෝයියා කියනා නායකයා දකුණේ උන්ට ගහන්නේ උතුරේ උන්ට ගහන බයිලා නොවේය. උතුරේ උන්ට සංහිදියා බයිලා ගයනා උන්නැහේ, දකුණේ ඉන්නේ රණවිරුවා රකින්නටය. එහේ සංහිදියා පෙරිය ටෝක් දී් එන ලොක්කා මෙහේ දෙන්නේ අමු ස්වෝත්තමවාදි බවු බවු මික අන්ඩ වාත ටෝක්ස්ය.
දෙපැත්තම රවට්ටන්න මෙලෝ රහක් නැති ව්‍යවස්ථාවක් ගෙනවිත් අම්මමෝ නැතිව නාන්නේය. බොහෝ විට මෙයින් ඉල්ලාගෙන කෑමට ඇති සම්භාවිතාවයද ඉතා ඉහළ අගයක පවති. මේවා හරියට, බඩ බුරුලට යන එකාට ඇත්තෝර මැල්ලුම දෙනවා වාගේ විසඳුම්ය.

සිරිසේන උන්නැහේ උතුරේ උන්ද දකුණේ උන්ද බය කරන්නේ අර පිස්සු කොල්ලෙක් කොටියා එනෝ කියා මුළු ගමම බය කරන්නා වාගේය. කොටියාට බයේ ගම කඩාගෙන රෙදි හලාගෙන හැමදාම දුවපු උන්, කොටියා ඇත්තටම ආපු දවසේ කොල්ලාගේ අම්මාගෙ ගුණ ගායනා කරමින් ගෙවල් වලටම වී උන් අතරේ කොටියා කලේ බොරුවට දිවූ එකම එකා වන අර පිස්සු කොලුවා අනුභව කොට උගේ ආතල් එක ගැනීමය. බොහෝ විට සිරිසේනටත් වන්නේ එයම විය හැක. 
ව්‍යවස්තාවලින් රටවල් හදන්න බැරිය. සංහිදියා ඇති කරන්නත් බැරිය. මිලියන 20 ක් ජීවත් වන අබ ඇටේකට බලය විමද්‍යගත කිරීමක් ඕනාත් නැතිය. අවශ්‍ය වන්නේ පරිපාලනය විමද්‍යගත කිරීමය. මේ සියල්ල දේස්පාලනයෙන් ජීවත් වනා උන්ගේ අමු බොරුය. පළාත් සභා තිබුනේ නෑ කියා මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි කමක් තිබ්බේ නැතිය. ඒවා දැම්මා කියා ඒ ඒ පළාත්වලට උන්ට ලැබුනා වූ ලබ්බකුත් නැතිය. ලැබුන එකම දේ පාතාලේ උනට VIP ඉස්ටේටස් එකක් ලැබීම පමණමය.
කළ යුත්තේ රට ආර්ථුක වශයෙන් ගොඩ ගැනීම පමණි. රට කියන්නේ ආන්ඩුවේ ඉන්නා පාලකයන් නොවේය. රටේ අති බහුතරය අමු හින්නගන්නෝය. අදටත් රටේ ප්‍රධාන ආධායම වහල් වෙළඳාමය. වහළුන් විකුණාගෙන කන, උන් එවනා දේ හොරා කන උන්ට හෙන හතම ගහන්නට ඕනාය.
රටේ තවත් ලේ විලක් බිහි වීමට පෙර.
බයිලා, නාඩගම් විගඩම් නවත්වා, දැන්වත් මේ රට ගොඩ දාපියව්..

Sunday, August 6, 2017

රවීගේ දියණියගේ ගීතය...




දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
බිසිනොස් වැඩ මෙගා ඩීල් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න

ලෙඩක් දුකක් හැන්දුනාමත් පාරට දමනා
එවුන් වගේ නෙමෙයි අප්පෙ මේ සුදු දෝනා
බැඳුම්කරේ කතා කියා මඩේ නාවනා
ඔබ විතරක් ඇයි තාත්තේ කෝ අනිත් ගොනා 

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න.....

කොමිසොන් ගෙනවිත් අප්පට තගරි දාන දා
අපිත් නාකි වෙලා තියෙයි එය අහවර දා
ඔක්කෝම ටික එකතු වෙලා හොරා කාපු දා
අපි විතරක් මොකටද මේ නින්දා වින්දා

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න....


Saturday, July 1, 2017

ISIS ලා අරින බව අප කීවේ ඇමරිකන් ඔත්තු සේවා වලටත් කලිනි




අම්මට සිරි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් සීඝ්‍රයෙන් පැතිරෙනා බවද,
නැගෙනහිර සම්පූර්ණයෙන්ම ගිලගෙන අවසාන බවද,
මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත්,
කොටියාගෙන් කෑවාටත් වඩා කෑමක් කන්නට වන බවද,
මේ රට මුස්ලිම් රටක් වීමෙන් බේරුනේ පෙර පිනකට සුද්දා පැමිනි නිසා බවද,
එහෙත් මේ පොන්න දේසපාලුවන් හේතුවෙන්,
ළඟදීම ඔවුන්ගේ පැතුම් ඉටු කර ගන්නා බවද,
අප කීවේ මහින්දගේ කාළයේ පටන්ය..

අද ඇමරිකන් ඇම්බසියට කෙලින්න යන බව කියන්නේ,
අපේ මී හරක් බුද්ධි අංශ නොවේ...
එය අපට දැණුම් දෙන්නේද ඇමරිකාවෙන් හා ඉන්දියාවෙනි..
මේ තරම් අමබරුවන් පිරි රටක් ලොවෙත් ඇත්තේ නැත..

එදා මාතලන් කියූ අනාවැකි

මේ ලින්ක් එකෙන් කියවන්න..

Sunday, May 7, 2017

රන්ජන්ට කිච වූ පාදෙනිය


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේසඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

ඉතිරිය

<< මෙතනින් කියවන්න >> 

Tuesday, January 10, 2017

ප්‍රේමය අරුමයක්ම විය


සාර්වජනික ක්ෂේශ්ත්‍රය - මොකක්ද යකෝ ඒ...

මුලින්ම මාත කරකවලා අත ඇරලා වගේ ගියා.. බ්ලොග් ලියන කියවන අය දැකලා ඇති මෑතක පටන් හෙළ බසින් කොමෙන්ට් කොරන කීප දෙනෙක් ඉන්නවා. ඒ සෙට් එක එකතුවෙලා කරන සුපිරි බ්ලොග් අඩවියේ නම තමයි ඔය මම උඩින්ම කිව්වේ.

සර්ව සම්පූර්ණ බ්ලොග් අඩවියක් කිව්වොත් නිවැරදියි. බස බොහෝම සරළයි වගේම රසයි, ඉදිරිපත් කිරීම බොහෝම මණරම්, සිත නිවන සුළුයි. ඒ නිසා කියවීම වෙහෙසකර නෑ. පෝස්ට් එකකට කොතරම් මහන්සියක් වෙනවද කියලා බොහෝම පැහැදිලියි.

බොරුවක් නෙමෙයි කියලා ගිහින් බලන කෙනෙකුට තේරෙයි..

<< මෙතනින් ගොඩවන්න >>

Tuesday, January 3, 2017

ඇය ද අම්මා කෙනෙකු විය



රේඛා නිලුක්ෂි කියන්නේ රාවයේ ලියන කෙල්ලෙක්. එයා බ්ලොග් එකක් පටන් ගත්තා ලිප්ස්ටික් කියලා. මමත් ඒක කියෙව්වා. ඒත් විශේෂ දෙයක් තිබුනේ නෑ. ඒත් මෙවර ලිපිය නම් ඕනම කෙනෙක් කියවිය යුතුම ළිපියක්. විශේෂයෙන් සමාජය ගැන උනන්දුවක් ඇති ඕනම කෙනෙක්.

<< මෙතනින් කියවන්න් >>

Wednesday, December 14, 2016

කළමනාකරණය සිංහලෙන්



නිලූකා දිසානායක ඇගේ බ්ලොග් අඩවියේ බොහෝම වටිනා දෙයක් කරන්න කැප වෙලා.. ඒ තමයි කළමනාකරණය හිංගලෙන් ඉතාම සරළව කියා දෙන එක.. මේවා මේ ආන්ඩුවේ උන්ට නම් වැඩක් නෑ. ජීවිතේ ජයගන්න හිතාගෙන ඉන්න ඕන කෙනෙකුට බොහෝම වැදගත් වැඩක්. ඒ වගේම ඔබේ ගැටළු කොමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්නත් පුළුවන්..

<< ගොඩවෙන්න මෙතනින් >>

Tuesday, December 6, 2016

"අලි වංගුව"


තුෂාර ඩී වන්නිආරච්චි කියන්නේ "අද" පුවත්පතේ මාද්දියවේදියෙක්. පොරගේ ආටිකල්ස් ඉන්ගිරිසියෙන් හා හින්ගලෙන් "කොලොම්බු ටැලිග්‍රාප්" වෙබ් අඩවියෙත් යනවා..

ඒවයෙන්, හින්ගල ආටිකල්ස් වලට බ්ලොග් අඩවියකුත් පටන් අරගෙන. ඒකේ නම "අලි වංගුව".. එහෙනම් ගිහිල්ලා සප් එකක් දීලා එන එකයි ඇත්තේ.. හැබයි බලාගෙන අලිත් එක්ක...

<< මෙතනින් ගොඩවෙන්න >>

Saturday, November 26, 2016

කැස්ත්‍රෝ සහ අපාය


මිය ගිය ෆිඩෙල් අපායට ලඟා විය. ඔහුට තෝරාගැනීම් දෙකක් විය.. ඒ ධනවාදී අපාය සහ කොමියුනිස්ට් අපායයි .

මේ දෙකම සංසන්දනය කල බැලිය යුතු යැයි සිතූ ෆිඩෙල් මුලින් ධනවාදී අපාය වෙත ගියේය..
දොර අසලම රොනල්ඩ් රේගන්ට සමාන මුහුනකින් හෙබි යකෙක් වැනි අයෙක් සිටගෙන සිටියේය..

" මේ අපාය මොන විදිහද ?"

" ධනවාදී අපායේ මුලින්ම උනුවතුරින් තම්බලා හම අරිනවා.. පස්සේ උතුරන තෙල් හැලියෙන් බැදගන්නවා.. ඊටත් පස්සේ තියුනු පිහි වලින් කෑලි කෑලි වලට කපනවා " යකා කීය.

" බුදු අම්මෝ.. මේක තිරශ්චීන යි.. ම්ලෙච්ඡයි.. මං කොමියුනිස්ට් අපාය කොහොමද කියලා බලලා එන්නං " ෆිඩෙල් කීය.

ෆිඩෙල් කොමියුනිස්ට් අපාය වෙත ලඟා වෙත්ම අපායට ඇතුලු වීමට දිගු පෝලිමක් විය. ඔහුත් පෝලිමේ සිට ගත්තේය..

කෙමෙන් ඉදිරියට ඇදෙන පෝලිම සිට යන්තම් කොමියුනිස්ට් අපායේ දොරකඩ අසලට ලඟා වෙත්ම , කාල් මාක්ස් ට සමාන වයසක සුදු රැවුලක් සහිත කුඩා මිනිසෙක් දොරකඩ අසල සිටගෙන සිටි බව දුටු ෆිඩෙල්
...
" හේයි.. කාල් .. මේකට ඇතුල් වෙන්න ඉස්සේල්ලා මට කියනවද මේක මොන වගේද කියලා ? "

" කොමියුනිස්ට් අපායේ මුලින්ම උනුවතුරින් තම්බලා හම අරිනවා.. පස්සේ උතුරන තෙල් හැලියෙන් බැදගන්නවා.. ඊටත් පස්සේ තියුනු පිහි වලින් කෑලි කෑලි වලට කපනවා " කාල් කීය.

" හෑ... ඉතිං මේකත් ධනවාදී එක වගේමනේ...." ෆිඩෙල් උද්ඝෝෂණ ස්වරයෙන් කීවේය.. " ඒත් මොකෝ මෙ පෝලිම.. ? "

" හ්ම්" කියා සුසුමක් හෙලූ කාල් ..
" මෙහෙ වෙලාවකට තෙල් හිඟයි.. වෙලාවකට පිහි හිඟයි.. සමහර වෙලාවලට ඉතිං උනු වතුරත් හිඟයි...."

- Priyantha Jayawardena - 

ගේ මූණූ පොතෙන් උස්සන ලදි.. 

Wednesday, November 23, 2016

කුක්කු දෙකට තොප්පි එකයි


උපේක්ෂා නුවන්ශ්‍රීනී අපේ සාහිත්‍යයට අළුත් නමක් නෙමෙයි. ඇය එයට එකතු වන්නේ "සර්පයාගේ දියණිය" කෘතියත් එක්ක. ඒ වගේම මූණූපොත හෙවත් වත්පොත හෙවත් බුකියේ ඈ ජනප්‍රිය චරිතයක්. නව පරපුරේ විචාරිකාවක්. දැන් ඇය බ්ලොග් එකකුත් කරනවා.

මේ ඇයගේ නවතම ලිපිය, "කුක්කු දෙකට තොප්පි එකයි..!"

<<මෙතනින් කියවන්න>>

Sunday, November 6, 2016

මගේ මව් බිම


මිත්‍රවරුනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහමිනිස්සුන්ගෙ වගේ...
ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිංකාරණය කිව්වා..
ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
මොකක්ද ....
හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....
ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑගෙදරක..
බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
"පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
"පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
"මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
ටික වෙලාවක් ගියා...
විහග පුතා තාත්තාට කථා කලා...
"පියානෙනි... "
"ඔව් පුතේ..."
"මගේ මව් බිම... "
"ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "
ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
"පියානෙනි.."
"මගේ මව් බිම... "
තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."
ආයේ ටික වෙලාවක් යනවා....
විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
"මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕත.."
ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
"හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය... "

Saturday, October 29, 2016

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන


ෆ්‍රැන්ජිපානි චිත්‍රපට විචාරය

ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana <3 span=""> <3 span=""> <3 span=""> !!! ජොකත් නැති වුනානම් තවත් මරු...!! Jehan Appuhami <3 span=""> <3 span=""> <3 span=""> !! මේ දෙන්න මැද රෙදි ඇදන් හිටපු උඹ පට්ට !!! <3 span=""> <3 span=""> <3 span=""> Yashoda Rasanduni
විසාකේස චන්ද්‍රෙස්කරම් සිනමා ගමනය ....<3 span=""> <3 span=""> <3 span=""> !!!
( ලංකාවේ) පු# අමාරුකාරයන්ට ජීවිතේ කියාදෙන ෆැන්ජිපැනි හෙවත් සය පෙති කුසුම..!!!
......................................................................................................
‘ආදර ගංගාවේ උත්පත්ති ස්ථානය වන්නේ ලිංගිකය හෙවත් අනුරාගයයි. නමුත් සියළු දෙනාම හැසිරෙන්නේ එය ඉතමාගේ සතුරෙක්ව සලකන බවක් පෙන්වමිනි.සෑම සංස්කෘතියක් ම , සෑම ආගමක් ම , සෑම ගුරුවරයෙක් ම මෙන්ම ජීවිතාවබෝධය සොයන සෑම අයෙකුමත් මේ ගංගෝප්පත්ති ස්ථානයට පහර දෙනු ලබයි.ලිංගිකය පාපයක් යයි ඔවුහු කෑමොර දෙති.නමුත් අප වටහා නොගත් දෙයක් වෙයි. එනම් ආදරයේ අභ්‍යන්තර කවුළුව වෙතට අපව කැඳවාගෙන යන්නේ ලිංගික ශක්තිය බව....
-ඕෂෝ -

Thursday, October 27, 2016

එටිකා, අයි.ටී. සහ මිත්‍යාව

එට්කා ෆෝබියාවෙන් පෙලෙන්නන්ට මෙන්ම එ පිළිබඳ උනන්දුවක් ඇති සැවොම කියවිය යුතුම ළිපියකි...

සම්පූර්ණ ළිපිය කියවීම සඳහා මේ අකුරු උඩම දෙවරක් ක්ලික් කරන්න..



ඇයි ඉන්දියානුවන් ? පහත වගුව බලන්න..
et6a
ඉහත වගුවෙන් ඇයි  ඉන්දියානුවන් යන්න පැහැදිලි  වෙි යැයි සිතමි .. නැතිනමි..

යෝජිත ECTA ගිවිසුමේ  I.T  ක්ෂේත්‍රය පිලිබද නිතර ඇසෙන විවෙචන
1)  ඉන්දියානු වෘත්තිකයන් ලාභදායකය.. ඒ නිසා මෙය දේශීය IT වෘත්තිකයන්ගේ් වැටුපටත් බලපානු ඇත. පිලිතුර නැත.!! ඉහත වගුව බලන්න.ඉන්දියනුවන්ගේ සාමාන්‍ය වැටුප වර්ශයකට ඇ.ඩො. 10,170 වන විට දේශීය වැටුප වසරකට ඇ.ඩො. 8996 කි. මීට අමතරව එක ඉන්දියානුවෙකු බදවා ගැනීමට ඇ.ඩො. 2500ක් වැය වෙි.                                                                                           
2) ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යයි.. පිලිතුර නැත. එය ඉල්ලුම සැපයුම අනුව සිදුවෙි.
3) දේශිය වශයෙන් සොයා ගත හැක.  පිලිතුර නැත. ඒ පිලිබදව ප්‍රමාණවත් කරැනු මෙ ලිපියේ අන්තරගතව ඇත.
4) සංස්කෘතික ප්‍රශ්න , ඉන්දියානුවන් ගදයි. පිලිතුර ඔවි ඔබ ජාතිවාදී නමි..මා මුලින්ම යුරෝපයේ රටක රැකියාවට ගිය විට ඔවුනුත් කීවෙි මා ගදයි කියාය. නැතිනමි ඉන්දියානුවෙක් කියාය.එහෙත් ටික කලකින් ඔවුන් මගේ මිත්‍රයන් වූහ. ලිංමැඩි මානසිකත්වයෙන් ඉවත් වෙමු ..
5) දක්ෂ ඉන්දියානුවන් දැනටමත් වෙනත් රටවලට ගොස් ඇති බැවින් අපට ඉතිරි වන්නේ හපයයි.. පිලිතුර ඔවුන් තෝරා ගන්නවාද නැද්ද යන්න ඒ ඒ ආයතන වලට බාර කරමු. මෙ ආයතන මෝඩයන් විසින් පාලනය නොකරති. යමි ආයතනයක් වැඩි වියදමක් දරා ඉන්දියානුවෙක් බදවා ගන්නේ නමි එයට හේතුවක්ද ඇත..

Sunday, October 2, 2016

ඇත්ත කියන්නේ කමල්ද? ෆොන්සේකාද?


ප්‍ර: "ඝෝඨාස් වෝ" කියලා කාලෙකට කලින් පොතක් ලියවුනා, 
දැන් රෝඩ් ටු නන්දිකඩාල්" කියලා පොතක් ඇවිත් තියෙනවා. මේ ලියවෙන්නේ ඔබ නායකත්වය දීපූ යුද්ධය ගැන. හැබයි මේ පොත් දෙකේම ඔබගේ භූමිකාව පිළිබඳව් සඳහනක් නැහැ.
උ: නන්දිකඩාල් පොත ගැන කතා කලොත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ යටතේ සේනාංකාධිපතිවරු 20 ක් හිටියා. එතැනින් 6000 කට තමයි ඔය පුද්ගලයා අණ දුන්නේ.
අපි මාන්කුලම් කිළිනොච්චිය, අලිමංකඩ අල්ලා ගත්තාට පස්සේ තමයි ඔය සේනාංකය මම පෙරමුණට ගත්තේ. ඒ දාලාත් ටික කලෙකින් මට තේරුනා මේ මනුස්සයා යටතේ මේ වැඩේ හරියට වෙන්නේ නෑ කියලා. ඊළඟට මිනිහට තිබුන බලසේනා තුනෙන් දෙකක් ගලවලා අටවෙනි කාර්ය සාධක බලකාය කියලා මම ඒක බ්‍රෙගේඩියර් රවිප්‍රියට දුන්නා. ඇත්තටම මිනිහා තමයි යුද්ධය ඔය කියන අවසන් අදියරට අරගෙන ආවේ. මෙයා අන්තීමට හැංගිලා හිටියා. මගේ කෝල් එකකටවත් ආන්සර් කලේ නෑ. මොකද මම අහන ප්‍රශ්ණවලට මිනිහට උත්තර නෑ. මිනිහා මට ආන්සර් කලේ නැති උනාට මම රවිප්‍රිය එක්ක දිගටම කතා කළා. අනික එක මොහොතක ඔය මනුෂ්‍යයට යුදබිමේ තත්වය පාලනය කර ගන්න බැරිවමම ජනරාල් ඩයස් එතනට යැව්වා. ඊළඟට විශේෂ බලකාය යැව්වා. එතකොට විශේෂ බලකායේ හිටියේ නිර්මාල් ධර්මරත්න. ඒවා මොකුත් ලියන්නේ නැතිව ඔය බොරු ලියලා තියෙන්නේ.

උපුටා ගැන්ම
- රාවය - (2016/10/02)

Tuesday, August 30, 2016

වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය



මේ ලින්ක් ඇති ගීතයේ තාලයට ගයා සැනසෙන්න
https://www.youtube.com/watch?v=unsETyAEGy0

වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය
************************

ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..//


කී දේ කල දේ..
දැන උන්නේ හර්ෂම පමණයි
අවසානේ දුක යැයි 
එරාන් ඇවිත් දැන් කියයි
වයිමා... 
වයිමා.. ටවත් බැරි උන දේවල්
කියලා චා උනේ


ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..// 


කුලියා පිටියේ
පැක්ටරියෙයි මා සිටියේ

එනවයි කියා කිව්
පුස්සගනේ නෑ දුටුවේ

ඇයි මා...
ඇයි මා.., කුඩු කලේ උඹ
චාටර් යහ පාලනේ..


ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..// 


- මාතලන් -

Followers

Powered By Blogger