Saturday, October 14, 2017

සංහිඳියාව ව්‍යවස්ථාව හා අමු බොරුව



යාපනයේදි සිරිසේන ගොයියා ලද ප්‍රතිචාරයට මාතලන් ඉතා මනාපය. කුණු බිත්තර පාරක් හෝ වැඳුනා නම් ඊටත් වඩා සතුටුය. බොහෝ විට මේවා කලින් සැලසුම් කළ රංගණයක් වීමට ඇති සම්භාවිතවයද 99% ක පමණ පවති. ඩ්‍රාමාවක් වුවද සිවාගෙන් එන්නේ උතුරේ ජනතාවගේ හඬය. දකුණේ ත්‍රස්තවාදීන් ලෙස නම් කළ උන් සැමරිය හැකි වුවද උතුරේ ත්‍රස්තවාදීන් සැමරීම සපුරා තහනම්ය. යහපාලනයක් තුලද තත්වයේ වෙනසක් ඇත්තේ නැතිය. හැරෙන පැත්තෙට හෝයියා කියනා නායකයා දකුණේ උන්ට ගහන්නේ උතුරේ උන්ට ගහන බයිලා නොවේය. උතුරේ උන්ට සංහිදියා බයිලා ගයනා උන්නැහේ, දකුණේ ඉන්නේ රණවිරුවා රකින්නටය. එහේ සංහිදියා පෙරිය ටෝක් දී් එන ලොක්කා මෙහේ දෙන්නේ අමු ස්වෝත්තමවාදි බවු බවු මික අන්ඩ වාත ටෝක්ස්ය.
දෙපැත්තම රවට්ටන්න මෙලෝ රහක් නැති ව්‍යවස්ථාවක් ගෙනවිත් අම්මමෝ නැතිව නාන්නේය. බොහෝ විට මෙයින් ඉල්ලාගෙන කෑමට ඇති සම්භාවිතාවයද ඉතා ඉහළ අගයක පවති. මේවා හරියට, බඩ බුරුලට යන එකාට ඇත්තෝර මැල්ලුම දෙනවා වාගේ විසඳුම්ය.

සිරිසේන උන්නැහේ උතුරේ උන්ද දකුණේ උන්ද බය කරන්නේ අර පිස්සු කොල්ලෙක් කොටියා එනෝ කියා මුළු ගමම බය කරන්නා වාගේය. කොටියාට බයේ ගම කඩාගෙන රෙදි හලාගෙන හැමදාම දුවපු උන්, කොටියා ඇත්තටම ආපු දවසේ කොල්ලාගේ අම්මාගෙ ගුණ ගායනා කරමින් ගෙවල් වලටම වී උන් අතරේ කොටියා කලේ බොරුවට දිවූ එකම එකා වන අර පිස්සු කොලුවා අනුභව කොට උගේ ආතල් එක ගැනීමය. බොහෝ විට සිරිසේනටත් වන්නේ එයම විය හැක. 
ව්‍යවස්තාවලින් රටවල් හදන්න බැරිය. සංහිදියා ඇති කරන්නත් බැරිය. මිලියන 20 ක් ජීවත් වන අබ ඇටේකට බලය විමද්‍යගත කිරීමක් ඕනාත් නැතිය. අවශ්‍ය වන්නේ පරිපාලනය විමද්‍යගත කිරීමය. මේ සියල්ල දේස්පාලනයෙන් ජීවත් වනා උන්ගේ අමු බොරුය. පළාත් සභා තිබුනේ නෑ කියා මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි කමක් තිබ්බේ නැතිය. ඒවා දැම්මා කියා ඒ ඒ පළාත්වලට උන්ට ලැබුනා වූ ලබ්බකුත් නැතිය. ලැබුන එකම දේ පාතාලේ උනට VIP ඉස්ටේටස් එකක් ලැබීම පමණමය.
කළ යුත්තේ රට ආර්ථුක වශයෙන් ගොඩ ගැනීම පමණි. රට කියන්නේ ආන්ඩුවේ ඉන්නා පාලකයන් නොවේය. රටේ අති බහුතරය අමු හින්නගන්නෝය. අදටත් රටේ ප්‍රධාන ආධායම වහල් වෙළඳාමය. වහළුන් විකුණාගෙන කන, උන් එවනා දේ හොරා කන උන්ට හෙන හතම ගහන්නට ඕනාය.
රටේ තවත් ලේ විලක් බිහි වීමට පෙර.
බයිලා, නාඩගම් විගඩම් නවත්වා, දැන්වත් මේ රට ගොඩ දාපියව්..

8 comments:

  1. මට නං මතක විදියට පරිපාලනය විමධ්‍යගත කරලා තමා තිබුනේ අර දිසාපතිලා ඩීආරෝලා එහෙම හිටිය කාලේ..නැද්ද....!
    බොරු නොකර, අනේ අපිට බෑ මෙයා කියලා කිව්වනං ඉවරයිනේ බං...!

    ReplyDelete
    Replies
    1. නෑ නේ මචෝ... ඕනම් දෙයක් සබ්පෝට්ටොපීසියකින් කර ගන්න පුළුවන් සයිස් එකට ගේන්න ඕන.. අයිස් ගහන් මිලියන එකහාමාරක ආන්ඩුවේ සේවකයෝ ඉන්න එකේ ඕවා සුළු දේවල්. කරනවා නම්.

      Delete
  2. මාතා සිරා කරන්නේ අමු ඇන්දිල්ලක්, වැඩිය ඕනේ නෑ බැදුම්කර සෙල්ලමේ සිරා කලේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් පත් කිරීමයි මෙයින් වෙන්නේ රනිල්ගේ රවිගේ ඇතුළු UNP යේ සායම යන අතර මෙය පත්කළ ජනාධිපතිට නම්බුව යන එකෙයි, නමුත් සිරාට ඕනේ නෑ රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න මොකද එහෙම උනොත් ඔහු දන්නවා තමනුත් වැටෙනවා කියල මෙනිසා ඔහු පුර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් නොකර සාමාන්‍ය තොරතුරු දැනගැනීමේ ජනාධිපති කොමිසමක් පත්කරනවා, රටේ මෝඩ ජනතාව සිරාට විසිල් ගහනවා අවංක ජනාධිපති කියල නමුත් ටිකක් හිතන්න පුළුවන් එකා දන්නවා කරන්නේ බොරුව කියල බලය බෙදිල්ලත් ඒ වගේ, විග්නශ්වරම්ට මහා ඇමතිකම ලැබිල මද්යම රජයේ ප්‍රතිපාදන වලින් තම ජනතාවට සලකන්න බැරුව කොහෙද ලොක්ක ඊට වඩා බලයක් දුන්නම තමන්ගේ ජනතාවට සලකන්නේ බොරුව තමයි.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුකියේ මගේ බොක්කක් මරු කතාවක් කිව්වා

      රනිල්ට ඕන ගල් කපන්න
      සිරාට ඕන රනිල් කපන්න

      Delete
  3. ​//පළාත් සභා තිබුනේ නෑ කියා මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි කමක් තිබ්බේ නැතිය. ඒවා දැම්මා කියා ඒ ඒ පළාත්වලට උන්ට ලැබුනා වූ ලබ්බකුත් නැතිය. ලැබුන එකම දේ පාතාලේ උනට VIP ඉස්ටේටස් එකක් ලැබීම පමණමය.​// මේ පරම සත්‍යයට වඩා තවත් කිසිවක් කියන්නට නැත. ​ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක නම් මෝඩ මිනිසා පටන් ගත් ප්‍රාදේශීය පාලනය අවුල් කර දැමීමේ අවසාන ප්‍රථිපලයේ විපාක දැන් විඳින්නේ අපය. කොටින්ම කියතොත් ඉස්සර ගමේම හිටපු ගම්මුලාදෑනියා වෙනුවට අලුතින් පැරෂුට් කරපු ග්‍රාම නිලධාරියාද මොකාද එකා ඉන්නේ කොහේද කියාවත් ගම්මු දන්නේ නැත.

    ReplyDelete
  4. මුන් ඔක්කොම කරන්නේ බොරු.
    රට ගොඩ දාන එක කෙසේ වෙතත් මුන් ගොඩ යනවා

    මේ බ්ලොග් කාරයොත් සිරිසේනට ගහන්නේ බොරුවට
    රනිල තමා හැම දෙයක්ම කරන්නේ
    රනිල් කරපු කූජිත තිරිසන් වැඩ වහන්න බොරුවට සිරාට බනිනවා

    පක තමයි

    ReplyDelete

Followers

Powered By Blogger