Friday, February 5, 2016

පොල් ගැසීමේ වස් කවිය...


By - Chamal Akalanka Polwaththage

( හෙට දිනයට නියමිත මහා පොල් ගැසීම වෙනුවෙන් ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගීතය.. මෙම ගීතය නිරෝෂා විරාජිනී මහත්මියගේ ''සීගිරි ගීයක්'' ගීතයේ තාලයට ද කිව හැක.. )

ලක්සෙක පොල් ගෙඩි
සීනිගම ගලේ
ගහන්න එනවාද....
ආයෙත් පාරක්
මහින්ද මාමිට
රජකම ගමු නේද...
සිරාගේ රජයට
කෙළවී යන්නට
ගහමුද පොල් මෙහෙම...
මියෙනතුරාවට
මටයි විමලෙටයි
ගොඩයන්නට ඕන.....

ලලලල ලලල ලා ලා..//////

හරක් රැලක් සේ.... පාවී ඇවිදින්..
දේවාලෙම හොල්ලමු
පොල් ලක්සෙම ගහලා...
සුළං පොදක් සේ
අප්පච්චී ගෙනැවිත්
දිනවමු මාතර
මහඇමතිම කරලා...//

ලක්සෙක පොල්ගෙඩි...//

මටයි විමලෙටයි
ගොඩට යා ගන්ට සැමදා..
රාජපක්ස වන්
උතුමෙක් තව ලොව නෑ...
රටට හෙණ ගහලා...
කෙලවී මකබෑවී ගියත්..
අපි ගොඩ යා නම්
වෙන කිසි අව්ලක් නෑ..//

ලක්සෙක පොල් ගෙඩි..

10 comments:

  1. තාමත් 1600/= කැලි දෙනවද ? මාත් ලියන්න ඕනැ එකක්

    ReplyDelete
    Replies
    1. දැන් ගාන ඊට වැඩියි...

      Delete
    2. ඩේටා ගාත්තු වැඩි කල හෙයින්ද? ජීවන බර වැඩි වූ හෙයින්ද? නැවතත් දැන්වීම් පිටුව ඔබ හට විවෘත කරන ලදි........

      Delete
  2. පොල් ඕනිම නම් සප්ලයි කොලෑකි...හැබැයි ලෙල්ල පිටින්....!!!

    ReplyDelete
  3. ගොම්මන් පිලලා සීනිගමදී පොල් ගහලා වස් වැදිලා පිස්සු හැදුනට පස්සෙවත් රට හොද අතකට හැරෙයිද???

    ReplyDelete
  4. නියම සිංදුව.

    ReplyDelete
  5. මං දැන්නෙ දැක්කෙ 😂😂😂

    ReplyDelete
  6. මං දැන්නෙ දැක්කෙ 😂😂😂

    ReplyDelete

Followers

Powered By Blogger