Sunday, January 12, 2014

අපතයාගේ දේශනාව..


ප්‍රතිපත්තියක් ලෙස මම කෙනෙකුගේ නම සඳහන් නොකරන නිසා මේ කියන අපතයාගේ නම සඳහන් නොකරමි... ඒත් මේක මේ අද උදේ යාලුවෙකුගේ ගෙදරදි බලන්න දුන්නු වීඩියෝ පටයක් අරඹයාය... වීඩියෝ පටය වූ කලී මාක්ස්-ලෙනින් වාදය, පශ්චාත් නූතන වාදය ආදි වූ වාද හැට හුටහමාරක කෙළ පැමිණි අම්බ ඔස්තාර් කෙනෙකු සහ ඒ සමග සිටි කළාකරුවන් යැයි කියා ගන්නා නාකි බයියන් රැලකගේ දේශනයකි... ඒකේදි මේ ඔස්තාර් කාරයා "දැන් ඉන්න පරපුර හිස් මොළ නැති, කඳ බඩ ඇති ඇවිදින මළ මිනී" කියා කීවේය...

තමන් එසේ කියන්නේ ඇයිදැයි ඌ අම්බ ඇනලයිස් කිරිල්ලක්ද කලේය... ඒ ඇනලයිස් කිරිල්ලට මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, කවුට්ස්කි, මිෂෙල් ෆුකෝ, ඩෙරීඩා ආදී පට්ට සෙට් එකක නම් රාශියක් අතරින් පතර එක් කර ගත්තේ ඒ නම් ඇහුවාම සභාවේ ඉන්නා උන් මූට බයේ ඉඳීවි ය කියන මතේ නිසාය... එයින් පසුව හේවුඩ් ද මොකක්ද නමින් හැඳින්වෙන තට්ටු ගොඩනැගිල්ලේ ආචාර්ය කම් කරන පකුන්දරයෙක් කථා කොට 77 න් පසුව පරපුර "කළාවේ බෙලහීනත්වයක් අති විඳින්නේ " යැයි කීවේය... ඒ අන්කල්ට අනුව කළාව මද වැගිරෙන්න දී ඇත්තේ උන්ගේ කාළයේය...77 න් පසුව උපන් එවුන් කලාවට බෙලහීනය... උන් වැටී ඇත්තේ අලි පුකෙනි.. අපි වනාහි, උන් මහන්සි වී පට්ට සිරාවට ස්වර්ග රාජ්ජයක් කර හදා දුන් මේ රට වනසන්න ඉපදී ඇති බම් බූත පරම්පරාවකි... පිස්සු බම්ප් වෙන්නේ මේවා ඇහෙනකොටය....

Read More>>>

1 comment:

  1. අපේ ගමේ කිතුල් ගස් මඳින එකාගේ රා මුට්ටිය වෙන එකෙක් බීපු දාට මේවගේ කතා අහන්න පුළුවන්.

    ReplyDelete

Followers

Powered By Blogger