මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන් සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා වැළඳ ගත නුහුණ ප්‍රමෝදයක් ඇති කරමිනි..
අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා පාසලේ අපේ පන්තියේ සිදුවූ අපුරු කතාව මා සිත තුල ඇතිකරන ලද කම්පනය කෙතරම් විශාලදැයි කිවහොත් ඒ ගැන යලි යලි නොසිතා ආපසු නින්දට යාමට ශක්තියක් මට නොමැති විය. අඩ අඳුරේ වැතිරී හිඳ අරුණෝදයේ නිසලතාව මැදින් මම කල්පනා කරන්නට වීමි.
Read More >>>
No comments:
Post a Comment