Monday, July 29, 2013

රෝස මල් කන්‍යාවිය...

 
සුපිරි, රැඩිකල් කවියෙක්, අහම්බෙන් හමු උනා. කවි නම් සෑහෙන ඉදිරියෙන් තියෙන්නේ. බ්ලොග් එකේ නම ඔක්සිජන්, වචනයේ පරිසමාප්තයෙන්ම ඔක්සිජන්ම තමයි. ලියන එකාගේ නම "ච"... "චා" නෙමෙයි යකෝ "ච".. පහල තියෙන්නේ කවියකින් කොටසක්.. ගිහින් බලලා අගය පොඩි තල්ලුවක් දුන්නොත් ලොකු උදව්වක්ලු..

// සිසිලස සොයා ජොඩු රිංගයි  වැටකෙයිය කැලේ
රාග ගින්න ඇවිලෙයි වැටකෙයිය කැලේ
කොන්ඩම් එල්ලෙයි වැටකෙයියා පදුරේ කටු දිගේ
තරු පටි ඇවිදින් මංචු දානවා   රාගයේ
ලොක්කන්ගෙ පුතාලා හෙලුවෙන් නානව නිදහසේ
ලොකු ලොක්කො ඇවිත් කුඩු බානවා වෙරල කෙලවරේ

විස්කි බ්‍රන්ඩි වෙරල තීරයේ
ගල් අරක්කු හැංගෙයි ගල්පරේ
රට සිකරට් දුම හමයි නිදහසේ
ගොල්ලිෆ්, බිඩි දුම බැ නිදහසේ
පට්ට ආතල්
රොබින්සන් කෘසෝ පිනයි පිස්සු සාගරේ


නයිස් අයිලන්ඩ් ඔයි .........//


කියවන්න... යන්න මෙතනින්..

10 comments:

  1. මේ වගේ කවි ගැන මට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පැත්ත පලාතේ යන්න එපා..

      Delete
  2. අදහස් වටිනවා.හැබැයි තව ටිකක් ආත්ම සංයමයකින් යුක්තව ඉදිරිපත් කලානම්.ඇයි ඔයා මේවගේ තේරීමක් කලේ මාතලන්....?

    ReplyDelete
    Replies
    1. පටන් ගැන්මම හොඳයි. අනාගතයක් පේනවා.. මෙහෙම දකින උන් අඩුයි..

      සමාජයෙත් සංයමයක් නෑ නේද..? ඇයි කවියෙ ඒක හොයන්නේ.. ගෙමට නොවේ ... ආදරෙන්.. සංවාදයයි අපි ඉදිරියට ගෙනියන්නේ.. ඔයාගේ අදහස් කියලා කොමෙන්ට් එකක් දාන්න.. ඒක වටිනවා..

      Delete
    2. ඒන්ජල් ආත්ම සංයමය නිර්වචනය කරන්නේ කොහොමද?ඒක එකිනෙකාට වෙනස් නේද?සංවාදයට එකතු වෙන්න.අදහස් වැදගත්.
      සැ.යු.----
      ඒන්ජල් මම ඔයාගේ ඩේවිඩ් ප්‍රතිමාවට කමෙන්ට් කරේ මේ කිසිවක් දකින්න ඉස්සෙල්ලා,

      Delete
    3. මම Reply නම් කලා.හැබැයි Publish උනේ නම් නැහැ.මට තේරෙන්නේ නෑ.

      Delete
  3. මම මේ වගේ එවුව ලියන්නේ මාතලන් අයියගේ බ්ලොග් පෝස්ට් වල කමෙන්ටු විදිහට නේ.ඒත් ඒ වගේ ලීවම හිතට මාර නිදහසයි.හරියට හරියට....හ්ම් හරියට.. අනේමන්දා.

    ReplyDelete
  4. එළකිරි ස්ටයිල් එකක්.මම ආසයි උගේ ටාගෙට්ස් වලට.මචන් උඹ දෙන හෑන්ඩ් එක කියලා වැඩක් නැහැ.

    ReplyDelete

Followers

Powered By Blogger