Thursday, September 27, 2012

.....සූස්ථියෙන් දුටු ලෝකය.....


මගේ සින්ඩියට ඉල්ලුම් කර තිබු බොගක් දැකීමෙන් මා අමන්දානන්දයට පත් උනා. මම මේ සින්ඩියෙන් ලබන සතුටත් එයයි. බොහෝ හරසුන් බොගවල් අතරේ මේක බොහෝම රැඩිකල් බොගක්. වෙනස් විදියට හිතන පතන අයට මම හොහොමත් කැමතියි. සුපිරි කවි ටිකකුත් තියෙනවා..බලන්න පොඩ්ඩක් කියවලා. හිතට අල්ලනවද කියලා, එහෙම හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලා, සප් එකක් දෙන්න. බලන්න නම් - මෙතනින් යන්න...


බොගේ නමත් මරු - ".....සූස්ථියෙන් දුටු ලෝකය..... "

(උපුටාගැනීම)
  "අපිටත් ඔයවගේ කාලයක් තිබ්බ බන්. ඉස්සර අවුරුදු තුන හතරේ කාලේදී ටොනික් පියන් හොයාගෙන ගල්කිස්ස බීච් එකේ රිංගන්නේ නැති රෙස්ටෝරෙන්ට් එකක් නෑ. ඇයි බන් ඕන තරම් තියනවනේමලු ගණන් උස්සන් එනවා. " පොඩි එකා එක්ක මගේ යාළුවාත් අතීතෙට ගිහින්.    
 
 "අර යන්නේ මේ කොල්ලගේ තාත්තා වෙරළට වෙලා කුඩු ගහන්න අඹ විකුණනවා  කෙසඟ මිනිහෙක් පෙන්නලා යාළුවා කිව්වම පොඩි එකා ගැන මගේ හිතේ ඇති උනේ අසරණකමක් සහ කනගාටුවක්. පිළිතුරක් දෙන්න බැරි , සහනයක් දෙන්න බැරි කණගාටුව කුහක එකක්.

 "විකුනනවා නෙවෙයි බලෙන් දෙන්නේ. beach එකේ යන කපල් ලඟට ගිහින් අඹ ගෙඩියක් කපල මල්ලක දාල ලුණුත් දාල බලෙන්ම  වගේ කොල්ලගේ  අතේ  තියනවා. ගෙඩියකට අනිවා 50ක් විතර ගන්නවා.ඒකත් කුඩු පැකට් එකේ ගාන කවර් කරගන්නකන් විතරයි.

 "පොරත් මගේ වයස , පොරට බැඳගන්න තිබ්බේ මාර හදිස්ස්සියක්.දැන් ඉතින් බලපන් මුගේ විතරක් නෙවෙයි ළමයින්ගෙයි ගෑනිගෙයි life එකම චාටෙර් නේ.මෝල්  අමාරුවට ළමයි හදල උන් හිඟන පැටවූ වගේ දුක් විඳිනවා" යාලුවත් මගේ සිතිවිලිවලට පෝර දානවා.
 
          තමන්ගේ අනාගතය ගැන හිතන්න තරම් ශක්තියක් මේ දරුවාගේ පුංචිහිතේ  නැහැ. ඒ ගැන යන්තම් හරි හිතාගන්න පුළුවන් වුණා නම් කවදාවත් ඒ මුහුණේ හිනාවක් දකින්න බැරි වෙයි.මේ පොඩි එකා ලොකු වෙලා පුංචි හරි හොරකමක් කලත් ඌට දොස් කියන්න පුලුවන්ද. මේ පොඩි එකා නොදැනම , සමාජය උගේ මුළු අනාගතයම ලියල ඉවරයි. එක්කෝ කුඩු කාරයෙක් , හොරෙක්  , මිනිමරුවෙක් ඔය ජාතියේ චරිත වලින් ඕනෑම එකකට ඌ කවදාහරි පණපොවයි.

                            " පතිරුප දේස වාසෝච "
(උපුටාගැනීම අවසන්)

No comments:

Post a Comment

Followers

Powered By Blogger