Wednesday, September 26, 2012

කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1

 
 
මීට ටික දවසකට උඩදි මාතලන් අයියා ලිව්වා පෝස්ටුවක් කොටස් වෙළඳපළ ගැන... ඕකට සාතන් දාපු කමෙන්ටුවක් තමයි ඔය ගැන කතා කරල වැඩක් නෑ කියන එක... ඊට පස්සෙත් කීප පාරක්ම ලියනවද නැද්ද කියල හිතුවට අපරාදෙ ඒ වෙලාවෙ වෙන  වැඩක් ඇති දෙයක් කරනව කියල හිතුන හින්ද ලියවුනේ නෑ...  ඒත් ඕක මතක තියන් හිටපු මාලන් අයිය (මම 84.. අයිය කියන එක වැරදිනම් කියපන්) අද දාපු කමෙන්ටුවක් හින්ද මේක ගැන අකමැත්තෙන් වුනත් ලියන්න හිතුන. මම තුමා ගැන කෙසේ වෙතත් කොටස් වෙළඳපල ගැන   වැරදි අවබෝධයක් තියෙනව වත්ද දන්නෙ නෑනෙ...


කොටස් වෙළඳපළ
කොළඹ කොටස් වෙළඳපළ කියන්නෙ පුද්ගලික ආයතනයක්. රජයේ ආයතනයක් නෙමෙයි. නමුත් ලංකාවෙ    තව කොටස් වෙළඳ පළක් නැති නිසා රජයේ මුදල් ඇමතිවරයා 04 දෙනෙක් පත් කරනව කොටස් වෙළඳපළ අධ්‍යක්ෂක මණ්ඩලයට. තව 5 දෙනෙක් තැරැව්කාර සමාගම් වලන් පත් කරනව. කොටස් වෙළඳපළ ප්‍රධාන වැඩ කොටස වෙන්නෙ සමාගම් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අවශ්‍ය ඉඩකඩ සැපයීම සහ ජනතාවට තමන්ගෙ ඉතිරි කිරීම් ඵලදායී ආයෝජන බවට පත්කරගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය ඉ‍ටුකරන එක.
 
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව

සාධාරණ වෙළඳපළක් ඇතිකිරීම සහ පවත්වාගෙන යාම, ආයෝජකයන් ආරක්ෂා කිරීම, සුරැකුම් පත් වෙළඳපළ විධිමත් කිරීම, වෘත්තීම ප්‍රමිති පවත්වාගෙන යන බව සහතික කිරීම, වන්දි අරමුදලක් පවත්වාගෙන යාම වැනි කටයුතු මෙම කොමිෂන් සභාවේ අරමුණු වෙනව....

ඒ වගේම බලපත්‍ර ලබාදීම, වෙළඳපළ අධීක්ෂණය, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දඩුවම් පැමිනවීම හා ගනුදෙනු අත්හිටුවීම SEC එකට තියෙන ප්‍රධාන බලතල වෙනව.

තැරැව්කාර සමාගම්

තැරැව්කාර සමාගමක් යනු කොටස් වෙළඳපළ සහ ආයෝජකයා සම්බන්ද කරන අතරමැදි ආයතනයකි. තැරැව්කාර සමාගමක කාර්ය භාරය වෙන්නෙ ආයෝජන උපදෙස් ලබාදෙමින් ආයෝජකයන් වෙනුවෙන් කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කිරීම සහ ආයෝජකයින් ලියාපදිංචි කරගැනීමයි.

ආයෝජකයන්
මේ අය තමයි කොටස් වෙළඳ පොළට සල්ලි දාන උදවිය... ව්‍යාපාරවල වගේ මහාපරිමාණ, මධ්‍යම හා කුඩා ආයෝජකයො විදිහට බෙදන්න පුළුවන්...  මෑත කාලෙදි කොටස් වෙළඳපළට ඇතුල් වුන  ආයෝජකයන් වැඩි දෙනෙක්ට වෙළඳපළ පිළිඹද දැනුම අඩුයි... 


සාතන් කියන්නේ කොටස් වෙළඳ පොළේ ඉන්න කෙනෙක්. ඒ නිසා මේ ළිපිය බොහොම වැදගත් සම්පූර්ණ ළිපිය - මෙතනින් බලන්න.

No comments:

Post a Comment

Followers

Powered By Blogger