Wednesday, October 3, 2012

උදිත ‍ගේ අන්තර්ජාල සටහන



අළුත් දේශපාලණ බ්ලොග් අඩවියක් එකතුවෙලා. "උදිතගේ අන්තර්ජාල සටහන" යන නමින්. ඇත්තටම යුගයේ අවශ්‍යතාවය ඉටුකීරිමක් ලේඛකයා කරන්නේ. දේශපාලනය ගැන උන්නන්දුවක් දක්වන අය එතනට ගොඩවැදිලා සහයෝගයක් ලබා දෙන්න. මන්ද ඔවුන් අපට අවශ්‍ය කරන කාළයයි මේ

උදිත ‍ගේ අන්තර්ජාල සටහන - (මෙතනින් බලන්න)

උපුටාගැන්ම -  

සමාජවාදය හා ලංකාව
20 වන සියවසේ මුල සිටම ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ජනතාව මේ සමාජවාදයේ  කියන රජයේ දෝත මත මිනිසුන්   සුරක්ෂිත යැයි කියන    මුලාකරනසුලු  වසගයට අහු උනා. එත් 21 වැනි සියවස වන විට සමාජවාදයේ බියකරු අත්දැකීම  විදි රටවල් අර්ධ සමාජවාදී රටවල් සහ ඒ දිහා බලා උන්  ලොව පුරා  මිනිසුන් සමාජවාදය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට අපේ රට තවමත් මේ සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කිරීම' ප්‍රතික්ෂේප කරමින් සිටින  ජනතාවක් සිටින අභාග්‍යසම්පන්න රටක් වී ඇත. සමාජවාදී ආකල්ප වලට පයින් ගසා ගිය  කලාපයේ අනෙකුත් රටවල්  වේගයෙන් අප පසුකර ගොස් ඇත. 21 වැනි සියවසේ සිටින ලාංකීය තරුණයන් පවා සමාජවාදය එපා කියන්නේ නැත. සල්ලිකාරයින් කිහිප දෙනෙකු තනන සහ අන් සියල්ල දුප්පතුන් කරන ධනවාදය නරක දෙයකි.  අපේ රටේ නිල නාමයම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි ඉදින් රාජ්‍ය ව්‍යාපාර ඇත මේවා තිබීම ගැන නාඹර තරුණයන් පවා ආඩම්බර වේ. රජය වෙළද පොළ බලවේග පාලනය කරයි, වැටුප් පාලනය කරයි, ප්‍රතිලාභ පිරිනමයි, නිෂ්පාදනය කල යුත්තේ මෙවායයි රජය සිතන දෙය නිපදවයි, මෙහෙම රජය හැම දෙයක්ම පාලනය කරද්දී සහ මෙහෙයවද්දී දුප්පතාට සහ පොහොසතාට හැමෝටම සමානව දේවල් බෙදිලා යනවා.මෙමගින් දුප්පත් පොහොසත් පරතරය අවම වෙලා සාධාරණය ඇතිවෙනවා.
නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර තීරයේ   හුලං නැමැත්තා මෙහෙම කියනවා  .

//සුදුස්සන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත්තේ ඒ සඳහා ඇත්තේ ඉතා සීමීත සම්පත් ප්‍රමාණයක් පමණක් නිසාය. එම සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට පෙෘද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමද කල හැක. නමුත් ඒ වැඩි වූ සම්පත් ප්‍රමාණය විවෘත වන්නේ ධනපතියන් ට පමණි. ඉහත කී ගොවි මහතාගේ පුතාට එම සම්පත් පරිහරනය කිරීම සිහිනයක් පමනි. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීමෙන් සහ නව රජයේ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් ගොවි මහත්වරුන් ගේ දූ පුතුන්ට මෙන්ම ධනපතීන්ගේ දූ පුතුන්ට ද එක සේ පරිහරණය කල හැකි සම්පත් එක් කරලිය හැක.// 
මෙවැනි තර්ක තව ඕන තරම්, කෙසේ  උවද මොනවා කීවද ලංකාවේදී  සමාජවාදී මතය  පහසුවෙන් ජයගනිමින්   ධනවාදයට වඩා උත්තරීතරභාවයක් සමාජවාදයට ලබා දෙමින් සංවාදය අවසන් කල හැකිය.
 උපුටාගැන්ම අවසන් -

No comments:

Post a Comment

Followers

Powered By Blogger