Wednesday, November 2, 2011

ආන්ත්‍රාවයි...

by - Piyankaarage Bandula Jayaweera


කේන්තියෙන් වී ඇහිදින
කේන්තියෙන් හාල් ගරන
කේන්තියෙන් ළිපේ තබන
කේන්තියෙන් බතක් ඉදෙන

කේන්තියෙන් පොලි බිඳින්න
කේන්තියෙන් පොල් ගාන්න
කේන්තියෙන් පොල් මිරිකන
කේන්තියෙන් හොද්ද නටන

කේන්තියෙන් මාළු කපන
කේන්තියෙන් පලා ලියන
කේන්තියෙන් ළිපේ තබන
කේන්තියෙන් ළිප ඇවිළෙන

කේන්තියෙන් කපන - කොටන
උයන - පිහන දින නිමවෙන
සිත සතිටින් එහැම කරන
සතුට ගලා උතුරන දින

ඉතින් "නොමිලයේ" නොලැබෙන
වග දැනගනු යෙහෙකි සකිය !
පොත් - පත්තර විකන - ගිලින
තේ - කෝපිද - දුම්වැටි බොන
හාන්සි පුටුවක ලැගගෙන
රූපවාහිනිය නරඹන

මුළුතැන්ගෙය කොහිද නොදැන
උදේට වැසිකිලිය සොයන
නා - කා බී වැඩට දුවන
"නාඳුනන - හොඳට හඳුනන"

සකිය පරිස්සම යහපති
කුස්සිය පුපුරයි දවසක
සාලයෙන් අඩක් බිඳිමින
නිදි යහනට ගිනි තබමින
ඊට කලින්..
පොල් බෑයක් අතට ගන්න
ඒ වගේම හිනා වෙන්න
හිනා දෙන්න - හිනා ගන්න
කොස්සක ඉදලක පහසක්
පතනා - ගෙය - ගෙමිදුල දෙස
ඇස් හෙළන්න හිතට ගන්න

6 comments:

  1. මොකක්ද බං මේ කියලා තියෙන්නෙ ...

    ReplyDelete
  2. එහෙම නොකලොත් වැඩ වරදී

    ReplyDelete
  3. හොද ආදරුසෙ.මට පේන්නෙ එක්කෝ උඹට වැඩේ වැරදිලා නැත්තං වරදින්න ලගයි.
    "දුවපිය කුස්සියට-ගාපිය පොල්"

    ReplyDelete
  4. @ ඔක්කොටම
    මචෝ මේකේ දාන්නේ මගේ ඒවා නොවේ..

    ReplyDelete
  5. 99.9% මේ කතාව ඇත්ත. හැබැයි මගේ ගෙදරට මේක ඒතරම් අදාල නැහැ. නමුත් බහුතරය මෙහෙමයි. ඒත් මේකෙ පුංචි අඩුවක් තියෙනවා. ඔය පුටුව රත්කරන කෙනා හොයන අඩුපාඩු නම් අර කේන්තියෙන් කරන වැඩ වලට වඩා සියගුණයකින් වැඩියි. ඉතින් කේන්ති යන එක අහන්නත් දෙයක්ද? (අන්තිමට කියූ දේ නම් මගේ ගෙදරටත් අදාලයි)

    ReplyDelete
  6. යකෝ මොකා දැම්මත් කමක් නැහැ, අපි අහන ඒවටත් උත්තර දෙන්න කියපං ...

    ReplyDelete

Followers

Powered By Blogger