Sunday, November 13, 2011

සිරකළ විට මිනිසෙක්

by - Chandana Sirimalwatte
on 11/02/2011 in 4th floor


කූඩූ කළ විට සිංහයෙක්
ඌ රුදුරු ලෙස ගොරවයි
එහෙත් සිඟාලයෙක් නම්
නියාලුව වැලපෙයි.....

කූඩූ කල විට මිනිසෙක්
අරමුණුද සමගින්
නතරවෙයි ජීවීතය.......
සිතයි ඔහු නිහඬව
ආවර්ජනය කර අතීතය

සිංහයකු නම්
දණ නොනමයි කිසි දින
සිඟාඟලයකු නම්
හඬා වැටෙනවා සත්තයි
අරමුණ දරාගෙන සිත
නිහඬව සිටී මිනිසෙක්
සිරකුටිය තුළ
දින ගණියි හෙමින්
දැඩිකර ගනී හදවත
නිදහස සොයා නැවතත්
අරඹයි ජීවීතය......

කූඩූ කළ විට මිනිසෙක්..!


2 comments:

  1. ලස්සනයි. මාත් දන්නවා කූඩුකල කෙනෙක් ගැන. නමුත් ප්‍රශ්ණයක් තියෙනවා සිංහයෙක්මද කියලා. තවම මට හිතාගන්න බැරිවුනා.

    ReplyDelete
  2. කිසිම සැකයක් තියාගන්න එපා සිංහයෙක්ම තමයි

    ReplyDelete

Followers

Powered By Blogger