by - Dilip Kumaara Liyanage
වමෙන් දැණුම ගෙන
දකුණෙන් උගන්වන
ටියුෂන් කාරයෙක්මි
ජීවිතේ හුනු කැබැල්ලක
කළු ලෑල්ලේ අතුල්ලන
"යුගාන්තය" ඉවරයි
යුගය එතනමයි
සැළලිහිණියත් ඉවරයි
ළමයි ගෙදර අරගෙන ගියේ
කටකාර සැළලිහිණියෙකු විතරයි
දෙසන විට උජාරු බස්
කුසගිනි බඩවත ඇදූම් කයි
දරුවනේ මේ දැණුම
දෙපැත්ත කැපෙනා කියතක් විතරයි
දෑත් ගංගාවේ රළ මතින්
වේදිකාවට පැමිණි චිට් කැබැල්ලක්
ආපසු ගන්නට නොහැකි ජීවිතේ රිදවයි
"සර්"
වමෙන් ලියනවද
අපට පේනව හොරය..
වමෙන් දැණුම ගෙන
දකුණෙන් උගන්වන
ටියුෂන් කාරයෙක්මි
ජීවිතේ හුනු කැබැල්ලක
කළු ලෑල්ලේ අතුල්ලන
"යුගාන්තය" ඉවරයි
යුගය එතනමයි
සැළලිහිණියත් ඉවරයි
ළමයි ගෙදර අරගෙන ගියේ
කටකාර සැළලිහිණියෙකු විතරයි
දෙසන විට උජාරු බස්
කුසගිනි බඩවත ඇදූම් කයි
දරුවනේ මේ දැණුම
දෙපැත්ත කැපෙනා කියතක් විතරයි
දෑත් ගංගාවේ රළ මතින්
වේදිකාවට පැමිණි චිට් කැබැල්ලක්
ආපසු ගන්නට නොහැකි ජීවිතේ රිදවයි
"සර්"
වමෙන් ලියනවද
අපට පේනව හොරය..
චුට්ටක් විතර තේරුනේ නැහැ, තේරුම් කරනවා නං ලොකු දෙයක් .....
ReplyDelete@ පන්සල් හංදිය
ReplyDeleteකොයි ටියුෂන් මාස්ටත් සමාජවාදය දේශනා කලාට ධනවාදය කරා වේගයෙන් යන අය. (මට තේරෙන හැටියට.) මම ඒ කාලේ ඕක බන්දුලට කියල මාව පන්තියෙන් එලෙව්වා. ඊට පස්සේ ගියේ චූලා ගාවට..