Friday, September 30, 2011

ජෝ..

by - Surath (Ravaya)



විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේ
හිනාවෙ අග කොණට කඳුළු මල් ඇමිණුවේ
පෙම් කළත් කළදැයි කිසි කෙනෙක් නොදුටුවේ
කෙට්ටු මුත් වීරයෙකි! දුෂ්ටයෙක් හෙම නොවේ

රඟ නොපා රඟ පපා තිරය තිරිහන් කළේ
ඇඟ පපා රඟ නොපෑ නළුවො බට්ටන් කළේ
සිනේ රිදි වැලිකතර සොවින් ගිනියම් වුණේ
අඟුටුමිට්ටෙනි බලවු ! යෝධයෙකි නැති වුණේ

2 comments:

  1. ඔය කතාව සහතික ඇත්ත. අද ඉන්න බොහෝ දෙනෙක් නළුවෝ නෙමයි නළු බට්ටෝ. ( කිව්වට තරහ ගන්ට කාරි නෑ.මම දකින්නේ එහෙම)අද අපි දකින නළුවෝ විහිළු කරන්නේ මුළු ඇගම හොල්ලගෙනනේ. ඒත් ජෝ, ප්‍රෙඩී, දොන් සිරිසේනලාවගේ කලාකාරයෝ හැරුනත් හිනායනවා. ඒ තරමටම තාත්විකයි. වසර ගණනාවක් තිස්සේ රිදී තිරයත්, පුංචි තිරයත් හැඩගැන්වූ මේ අපූරු යෝධයා ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව!

    ReplyDelete
  2. කීප විටක් සිතුවත් පිළිතුරු කවි කියන්නට..
    යතුරු පුවරුවට මට බැහැ කොටන්නට
    ජෝගෙ මුහුණ දකිනාවිට හැඟුම්බර..
    සිත ගොළු උනා කීමට නැත වදන් මට....

    ReplyDelete

Followers

Powered By Blogger