Sunday, August 6, 2017

රවීගේ දියණියගේ ගීතය...




දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
බිසිනොස් වැඩ මෙගා ඩීල් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න

ලෙඩක් දුකක් හැන්දුනාමත් පාරට දමනා
එවුන් වගේ නෙමෙයි අප්පෙ මේ සුදු දෝනා
බැඳුම්කරේ කතා කියා මඩේ නාවනා
ඔබ විතරක් ඇයි තාත්තේ කෝ අනිත් ගොනා 

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න.....

කොමිසොන් ගෙනවිත් අප්පට තගරි දාන දා
අපිත් නාකි වෙලා තියෙයි එය අහවර දා
ඔක්කෝම ටික එකතු වෙලා හොරා කාපු දා
අපි විතරක් මොකටද මේ නින්දා වින්දා

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න....


8 comments:

  1. අඩෝ පට්ට බං. පට්ට ම පට්ට!

    ReplyDelete
  2. රවීගේ රෙද්ද බුරා පල්ලෙන් බේරේ

    ReplyDelete
  3. වැඩේ කියන්නේ, රවිගේ දුවගේ ෆේස්බුක් ප්‍රකාශයෙන් පැහැදිලිවම පේනවා හොරකම කොයි තරම් ඒ ඇත්තිගේ ශරීරයට කාවැදිලද කියලා. පුදුමයකුත් නැහැ, මොකද පොඩි කාලේ ඉඳලම ඒ ඇත්තිට දකින්න සහ අත් විඳින්න ලැබුනෙම දෙමව්පියන්ගේ හොරකම්නේ....

    ReplyDelete
  4. හැක් හැක් සුපිරිම තමයි. ඇත්තට කෝ අනිත් ගොනා

    ReplyDelete
  5. Agree with u ... keep up
    http://techtrozan.ga/fb-id-tracked-even-logged-out/amp/

    ReplyDelete

Followers

Powered By Blogger