Saturday, August 8, 2015

වසීම් තාජුදින්|ගෞරවාන්විත සමුගැනීමක්!

aaa)

වසීම් තාජුදින් ,
කුමන හෝ හේතුවක් නිසා 2012 මැයි 17 දිනය මට මඟ හැරී තිබිණ.
සමහර විට ලංකාවේ බොහෝ දෙනෙකුටද එම දිනය මඟ හැරී තිබෙන්නට ඇත.
ඔබ ශ්‍රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ජනප්‍රිය රගර් ක්‍රීඩකයෙකු වූ බව මම දැන් දනිමි. එහෙත් ඔබේ මරණය සිදුවූ එම දිනය මට මඟ හැරී ගියේ ඇයි දැයි මම සිතමි.
  • රගර් මගේ ප්‍රියතම ක්‍රීඩාවක් නොවූ නිසාද?
  • ඔබේ මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයකැයි මා සිතු නිසාද?
  • ඔබේ මරණයේ පුවත යුධ ජයග්‍රහණ සැමරුම් පුවත් වලින් වැසී ගිය නිසාද?
සමාවන්න! ඒ හේතුව කුමක් වුවත් “එකල” ඔබේ මරණය මා කම්පණයට පත් කරණු ලැබූවේ නැත.
මා එසේ තවත් එක් මරණයකින් කම්පනයට ලක් නොවුනේ ඇයි දැයි ඔබට කියමි!

No comments:

Post a Comment

Followers

Powered By Blogger