Sunday, July 27, 2014

ජංගමයා...!!!


"සාර සදිසි නෙක මල් නෙළනා කළ
වළ ගියදෝ නුබේ ජංගමයා..!"
සොඳුරිය! නුඹ පල් අපෙ දරුවන් පල්
"මල් නෙළුවේ" නැත ජංගමයා..!

"පනහේ - සීයේ" කාඩ් දමාගෙන
මිතුරන් ඇමතු ජංගමයා..!
හිත් තුල තෙරපෙන දුක - සැප කවිකර
කෙටි පණිවුඩ කෙටු ජංගමයා..!

ලෙඩක් - දුකක් කරදරයක් ආ කළ
කළණ මිතුරු වූ ජංගමයා..!
බිම වැටුනත් පොළොවේ ගැහුවත් යලි
"මරණින් නැගිට්ට" ජංගමයා..!

බිරිඳට බත් පත ගෙන යන අතරේ
මග හැලුනයි මගෙ ජංගමයා..!
ඇහිළු කෙනෙකුන් ආපහු දුන්නොත්
බෝ පින් සිඳුවෙයි ජංගමයා...!!!

- පියන්කාරගේ බන්දුල ජයවීර

රාවය - 2014/07/27

4 comments:

  1. සිම් එක ගලවා වීසි කරාලා හොරු වත් ගත්තද ජංගමයා..

    අපුරුයි..

    ReplyDelete

Followers

Powered By Blogger