Saturday, July 26, 2014

අපේ උරුමය


රජරට විශ්ව විද්‍යාලයේ, "කසුන් රුහිරු මධුසංක" කියලා එළ කොල්ලෙක්ගේ බ්ලොග් එකක් ගැන ඔත්තුවක් හම්බ උනා, ඉන්දික කොඩිතුවක්කුගෙන්. ඒ කියන්නේ ඉන්දික උපශාන්තගෙන්. ඔව් ඔව් අර අභීතගේ යාලුවා. එයා තමයි අනේ.. මළ වදේ..

ඉතිහාසය, මාතලන් බොහෝම කැමති විශයයක්. කරුණු ගැන, මති මතාන්තර වෙනස් උනත්. ඉතිහාසයේ කියන කතන්දර වලට මාතලන් බොහොම මනාපයි. මම කැම්පස් සින්ඩිය ආරම්බ කරලා බලාපොරොත්තු උනෙත් මෙන්න මේ කොලු පැටියා කරනවා වගේ දෙයක්, හැමෝම කරයි කියලා. ඒත් මම හිතන්නේ ඒ තරම් නිර්මාණශීලි උන් දැන් කැමප්ස් වල නැහැ.

අපේ උරුමය ගැන ආදරය කරන කෙනෙකුට, පාසල් සිසුන්ට, බොහෝම වටිනා කරුණු කාරනා රාශියක් මේ කොලු පැටියා දැනටමත් සයිබර් අවකාෂයට එකතු කරලා තියෙනවා. ඔහුගේ අළුත්ම වීඩීයෝව බොහොම අපූරුයි.

මෙතනින් ගොඩවී දිරිමත් කරන්න.. එය ඔබගේ යුතුකමක්..

1 comment:

  1. තැන්කූ මාතලන් පෝස්ට් එකට...

    ReplyDelete

Followers

Powered By Blogger