ඇට දෙක ඇදලා, එලියට ගන්න දස්ස නෝනා කෙනෙක් ගැන, අපූරු කතාවක් තියෙනවා අලුත්ම අලුත් බ්ලොග් එකක. මේ බ්ලොග් එක බොහෝම රහ උනත්, ප්‍රචාරයක් දෙන්න හිත් දුන්නේ නැත්තේ, බ්ලොග් එක ලියන කෙනා දීලා තිබුන පඬි ටෝක් එකක් නිසා.
ඒ කියන්නේ එයා ලියලා තිබුනා. එයා කොමෙන්ට්ස් වලට හරි ආසය. ඒත් අනිත් බ්ලොග් කියවන්නවත්, ඒවට කොමෙන්ට් කරන්නවත්, එයාට වෙලාවක් නැතිය කියලා. එතකොට අර දේශකයා කියන ෆේස්බුක් එකේ අයිතිකාරයා කියලා තිබුනා එහෙනම් ඉතින් ඔහේගේ එක බල්ලො බලයිය කියලා.
ඒ කතාව ඇත්ත. මෙහෙම හරි බ්ලොග් ටික ඇද ගෙන යන්නේ අන්නෝන්‍ය සහයෝගේ නිසා. මක්කා උනත්. අපූරුම බ්ලොග් අඩවියක්. අඩවියේ නම "අහසේ ඇඳි සිත්තම්", ලියන කෙනාගේ නම "වීර කාන්තා". අපේ හැලපයගෙත් හිතට අල්ලලා ගිහින්. ඔහේලත් ගිහින් බලන්න ලිලි නෝනා ඇට වලට දෙන ගේම...
ගොඩවන්න මෙතනින්.
//දේශකයා කියන ෆේස්බුක් එකේ අයිතිකාරයා//
ReplyDeleteබලන් ගියාම මේකා පොඩි පහේ පොරක් නෙමේ එහෙනම්.:D
අපි ඌට සලකනවා මදිද මන්දා..?
//දේශකයා කියන ෆේස්බුක් එකේ අයිතිකාරයා//
ReplyDeleteහැක් ඌ එහෙම තමයි හිතාගෙන ඉන්නෙ ඉඳගෙන.
හිටහන් පොසොන් වෙනකං... ප්‍රසා
ReplyDeleteඇඩ් දානවා කියලා කෝකටත් තෛලේ ඉස්ටයිල් එකේ කොමෙන්ටු දාලා තිබීමත් ටිකක් කක්කා වැඩක් කියලයි මටත් හිතුනේ...
ReplyDeleteමගෙ බ්ලොග් එකට ප්‍රචාරයක් ලබා දීම ගැන ස්තුතියි.
ReplyDeleteලියන්න පටන් ගත්ත මුල් දවස්වලට වඩා බ්ලොග් ගැන දැනුමක් දැන් තියෙනව.අන්‍යෝන්‍ය සහයෝගය කොයි තරම් වැදගත්ද කියලත් තේරුනා.දැන් මම අනෙක් බ්ලොග් කියවන්නත් ඒවට කොමෙන්ට් කරන්නත් යනව.මගෙ බ්ලොග් එකේ යන්නෙ පැරණි දේවල් ,අත්දැකීම් .ඒව පුළුවන් තරම් රසවත්ව ඉදිරිපත් කරනවා.
මගෙ බ්ලොග් එකට එන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා.
බැලුව, අනේ......බල්ලෝ ගැන දුකයි......
ReplyDeleteබැල්ලියන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි.
ReplyDeleteමාතා.......බ්ලොගට වඩා වටිනවා උඹේ ඉන්ට්‍රඩක්ෂන් මෙතඩ් එක. මසුරං!!!
ReplyDelete+++++++++++++++++++++++++++
Deleteහරිම අසික්කිතයි ලිලි නෝනගේ වැඩේ
ReplyDeleteවීර කාන්තා ලියන හැටි ලස්සනයි.ඒ වුනත් මේ කතාවට නම් ආස හිතුණේ නැහැ.මිනිහෙක්ගෙන් අවසරයක් අරන්වත් ඔහොම කරන්න බැරි එකේ සතෙක්ට මිනිස්සු බලෙන් ඔහොම කරන එක මහ ජරා වැඩක්.
ReplyDelete