Monday, February 24, 2014

facebook ගොන්නු


ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //

සතුටේ උපත බුකියයි සදා....
ඔය වේදනා පිටතින් ගෙනා...
සතුටේ උපත බුකියයි සදා....
ඔය වේදනා පිටතින් ගෙනා...
මරණේ දෙන්නෙ හැඟුමයි සිතේ...
කවදාක හෝ යයි ආ කෙනා...

ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //

නව තාක්ෂණේ තහනම් කලෝ...
දිනුවේද කවදා ලෝකයේ....
නව තාක්ෂණේ තහනම් කලෝ...
දිනුවේද කවදා ලෝකයේ....
දෙන වේදනා දිරියෙන් දරා...
ජයගත් දනෝ වෙති ජීවිතෙන්....

ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...
මැරුණේ ඇයිද බුකියේ නමින්...
දැකලා ඇතිද කිසිදා ඔබත්....
බුකියෙන් තුරන් වූ ජීවයක්.... //

- Damith Kethaka - 

10 comments:

  1. නියමයි

    ReplyDelete
  2. ඇ්තමයි මාතේ මේක පට්ට රහයි

    ReplyDelete
    Replies
    1. බත්කාලා අතහෙදුවේ නැහැ නේද තාම h හි

      Delete
  3. එල්ලිලා මැරෙන මානසිකත්වයට ෆේස්බූක් තහනම්කිරීම අතීසාරයට අමුඩ ගැසීම වගේ ගොන් වැඩක්.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අහෝ ! ,බුකිය ට ගිය කලක් .

    ReplyDelete

Followers

Powered By Blogger