Monday, December 2, 2013

හුලා කුරුල්ලෝ....


හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි
සුධර්ම සුවඳකි ගෙන එන්නේ
ගාඩ් දමාගෙන ලව් කල හින්දද
ඔච්චම් කරලා එළවන්නේ
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......

බූරූ පොලේ... වැඩ, ඉවරයි අද ඉඳ,
කවුරුද මට දැන් සළකන්නේ..//
ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... 
කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......

පුර හල හංදියේ, අගුළු වැහෙයි අද,
කාවද, මම දැන්, අල්ලන්නේ......//
ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... 
කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......

හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......
සුධර්ම සුවඳකි ගෙන එන්නේ
අපට වැඩක් නැති, ඉල්ලන් කෑවට,
වෙන දළ පොරකට, සෙට් වෙන්නේ..........
හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......

- පුරහල අසල ගාමිණි -

14 comments:

  1. ඈ.. දොරේ.. ඈදොරේ.. ඈදොරේ...??

    ReplyDelete
  2. Kaata kiyalada dan meka gaayana karawanne.....maru pabanduma mathalan...

    ReplyDelete
  3. හී හී හී...මරු මරු..මාතලන් අයියට හුලාත් එක්ක පරන කෝනතරයක් තියනවද කොහේද?බූරු පොලක් දාන්න ගිහින් තෝමේ වැඩිපුර ගත්තද?? හැක් හැක්.. හුලා පව්..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටෑ මල් මල් :D

      Delete
  4. පද ටික සුපිරියටම ගලපලා.....
    පෂ්ට එකෙත් පෂ්ට එකය.....

    ReplyDelete
  5. හි හි බුකියෙත් දැක්කා ෂෝයි ,,

    ReplyDelete
  6. පවු දෙයියනේ පිවිතුරු ආදරේකට ගරහන තරමක්.

    ReplyDelete
  7. ආදරයට හොහෙදෝ බාධා නැත්තේ...

    ReplyDelete
  8. පවු අහින්සක හුලා.ආදරෙ නිසානේද මෙ දුක් විදින්නෙ,කතන්දර අහන්නෙ.සුජිව ගෙ කතාවකට නියම චරිතෙ

    ReplyDelete
  9. කරන කලට පව් මිහිරිය මීසේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ

    ReplyDelete
  10. විමලේගේ සී නිව්ස් එකෙන් උපරිම ප්‍රචාරේ දෙනවා. පව්. අහිමි පෙමට අඬන විමලයා

    ReplyDelete
    Replies
    1. මට විමලෙත් එක්ක ඉරිසියයි මචෝ..

      Delete

Followers

Powered By Blogger