Tuesday, March 26, 2013

බ්‍රහ්ම දේශපාළණය...?

 


බ්ලොග් අවකාශයේ කියවන්නට දෙයක් නැතයි බොහෝ අය කියති. නමුත් මා එය පිළිගන්නේ නැත. තවත් මතයක් වන්නේ පොලිටිකල් බ්ලොග් වලින් කිසි පලක් නැති බවයි. අද පවා සාඛඡ්චාවට බඳුන් වන "ටැබූ" පොලිටිකල් බ්ලොග් රචකයකු මිස තම පෞද්ගලික දෑ නොලියු බ්ලොගර් කෙනෙකි. දේශපාළණ බ්ලොග් බලන්නේ නැතයි කීවද "කතාගේ" බ්ලොග් අඩවිය තරමටම "පැරාගේ", "W3Lanka" අඩවියද බ්ලොග් පාඨකයන් අතර එකසේ ජනප්‍රිය බව අත්දැකීමෙන්ම අප දන්නා කාරනයකි.

සමාජයේ පිළිගත් බොහෝ දෙනෙකු බ්ලොග් රසිකයන් වූවද, ඔවුන් බ්ලොග් ළිවීම නම් කරන්නේ නැත. උදාහරණයක් ලෙස රාවයේ ඉතා කාලීන මාතෘකාවන් අලලා ලියැවෙන ළිපි පවා කළාතුරකින් පළවනුයේ "බූන්දියේ" පමණි. නමුත් මගේ මතය නම්, එවන් රචකයින්. තමාගේ බ්ලොග් අඩවියක් එළි දැක්විය යුතු කාළය මේ බවයි. පුවත් පතකට වඩා, අන්තර්ජාලය මඟින් ඔවුනගේ පණිවිඩය වැඩි පිරිසකට ගෙනයා හැකි බව මගේ පුද්ගලික මතයයි.

උගතුන් හා සමාජයේ පිලි ගැනීමක් ඇති උදවිය තම වගකීම් පැහැර හරිමින් සිටියදි තම නමින්ම බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන උගතෙක් මෙන්ම දේශපාලන පසුබිමක් සහිත පුද්ගලයකුගේ පැමිණීම බ්ලොග් ළොවට ආශීර්වාදයකි. සමහර විට මා ප්‍රාර්ථනා කරන්නාවු උගතුන්ගේ සම්ප්‍රාප්තියේ ආරම්භය මෙය විය හැක. ඔහු නමින් "කරුණාරත්න පරණවිතානයි". ඔහුගේ බ්ලොග් අඩවිය "සතර දිගන්තයයි", ඔහුගේ නවතම ළිපියද සංවාදයට බඳුන් වන්නකි. බ්ලොග් ළොවට පැමිණි මේ උගත්, යහපත් පුද්ගලයා සාදරයෙන් පිළිගැනීමට මෙතනින් පිවිසෙන්න.

2 comments:

  1. සතර දිගන්තයට මා පිය නගා තිබෙනවා. පරණවිතාන ගැන මේ හැදින්වීම ගැන හරිම සතුටුයි මාතලන්.

    ReplyDelete
  2. ස්තුතියි දැනුවත් කිරිමට මතලන්.

    ReplyDelete

Followers

Powered By Blogger