කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
ස්පිරිත්තු ගෙන්නනවා ඉලවුවේ
අහු වුන විට රට පටලා මුළාවේ
ජොන්ටි සුදා තාම හිඳී නිදැල්ලේ
දේදුන්නේ පාට අරං සේල අඳිනවාලූ
ඒ සේලෙන් කවර් කොරං බුජං වඩිනවාලූ
ඈත රටින් ආ එතනෝල් අඳුනන්නේ නෑලූ
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ
වෙල් එළියේ වෑ කන්දේ බඩු අල්ලනවාලූ
දෙවට දිගේ ඇට තල තල කුදලං යනවාලූ
ටැංකි පිටින් ගෙන්වන කොට "සුරා මේරෙ" නෑලු
මතට පුතේ තිත තිබ්බට උන්ට තිතක් නෑලූ
ඩෝං පුතා
හරිම අගෙයි. කාලෝචිතයි. ඒත් මේ නරියන්ට ලැජ්ජාව නැහැනේ. මුගේ නිකවැරටියේ ඉස්කාගාරයේ නියමිත ප්රමාණයට වඩා බෝතල් දෙතුන්දාහක් හදනවා දිනකට. එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් කිව්වේ. ඒක කරන්නෙත් සුරාබදු නිලධාරීන් සාක්කුවේ දාගෙන.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ගල් යුගයකට යන්නේ කවුද කියන එක මට ප්රශ්ණයක්.මොකද දැන් කරන තරමක් කරන්නෙ ගල් යුගයේ වැඩ.
ReplyDeleteමචං මේ සින්දුව අරකිට කියලම කියවන්න තියනවානං පංකාදු පහයි
ReplyDeleteපට පට
ReplyDelete