Monday, December 10, 2012

නොවේ මෙවන් වින්දනයක් ළොවේ....!!!



පාර්ලිමේන්තුවේ සිටිනා මහජන නියෝජිතයන් සිටින්නේ පොදු ජනතාව වෙනුවෙනි. පොදු ජනතාව හා පිඩිත පන්තිය වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙන් මහජන නියෝජිතයන්ට ලැබෙන වරප්‍රසාද සුළුපටු නැත.

මහජන නොයෝජිතයන් සහ ඔවුන්ගේ වරප්‍රසාද
  • අගමැති - මාසික වැටුප 71,500.00 කතානායක - මාසික වැටුප රු 68,500.00
  • ඇමතිවරුන්ගේ හා විපක්ෂ නායක - මාසික වැටුප 65,000.00
  • නියෝජ්‍ය ඇමැති - මාසික වැටුප රු 63,500.00
  • මන්ත‍්‍රි - මාසික වැටුප රු54,285.00
ඉහත වැටුපට අමතරව එක්වන දීමනා පහත පරිදිය

සංග‍්‍රහ දීමනාව - රුපියල් 1000.00
පාර්ලිමේන්තු සැසියකට සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 500.00 හා ප‍්‍රවාහන දීමනාව රුපියල් 10,000.00 කි.

ඇමතිවරයකු හෝ නියෝජ්‍ය ඇමතිවරයකුට වාහන දෙකක් බැගින් හිමිවන අතර ඒවාට ලැබෙන ඉන්ධන දීමනා මෙසේය

බස්නාහිර පලාතෙන් පිටත ඇමතිවරුන්ට 
පෙට‍්‍රල් වාහනයකට රුපියල් 75,000.00
ඞීසල් වාහනයකට රුපියල් 30,000.00

බස්නාහිර පලාතේ ඇමතිවරුන්ට 
පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 50,000.00
ඞීසල් වාහනයකට රුපියල් 20,000.00

අමාත්‍යංශයට හිමිවන පහසුකම් 
අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන පහක් හිමිවේ
නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3 ක්ද හිමිවේ.

ඇමතිවරයාගේ සන්නිවේදන පහසුකම් සඳහා ලැබෙන දීමනා 
කාර්යාල දුරකථන 2 ( කාර්යාල දුරකථන 2 සඳහා රුපියල් 20,000.00 )
නිවාස දුරකථන 2 (රාජකාරි නිවාස දුරකථන 2 සඳහා රුපියල් 10,000.00 )
ජංගම දුරකථනයක් ( ජංගම දුරකථනය සඳහා රුපියල් 4000.00 කාර්යාල ෆැක්ස් යන්ත‍්‍රයක් )
පරිගණකයක්

අමාත්‍යංශයට අයත් වන සේවකයන් සහ ඔවුන්ට හිමිවන වරප්‍රසාද 
අමාත්‍ය කාර්ය මණ්ඩලය 15 කි. නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය 10 කි.

සම්බන්ධීකරණ ලේකම්

සම්බන්ධීකරණ ලේකම්වරයකුට පෙට‍්‍රල් වාහනයක් සඳහා ලීටර් 218 ක් සඳහා රුපියල් 17,440.00 ක් හිමිවේ. ඞීසල් වාහනයක් සඳහා ලීටර් 264 කට රුපියල් 13,200.00 ක් හිමිවේ. ඔහුට අතිකාල දීමනා පැය 100 ක්ද සංයුක්ත දීමනා දින 6 ක්ද හිමිවේ
වසර 5 ක කාලයෙන් පසු විශ‍්‍රාම වැටුප

පෞද්ගලික ලේකම්
පෞද්ගලික ලේකම්ට පෙට‍්‍රල් වාහනයකට ලීටර් 240 කි. ඒ සඳහා උපරිම මුදල රුපියල් 19,200 ක් ද ගෙවනු ලබයි. ඞීසල් වාහනයක් නම් ලීටර් 288 ක් මාසයකට හිමිවන අතර අනුමත උපරිම මුදල රුපියල් 14,400.00 කි. අතිකාල දීමනා මසකට උපරිම පැය 125 ක් සඳහාද සංයුක්ත දීමනා උපරිම දින 9 ක්ද හිමිවෙති.

කාර්යාලය සඳහා ලැබෙන පහසුකම් 
මේස පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක්, ෆැක්ස් යන්ත‍්‍රයක්, ජංගම දුරකථනයක්, ෆොටෝකොපි යන්ත‍්‍රයක් කාර්යාල උපකරණ වශයෙන් ලැබෙන අතර ඒ සඳහා උපරිම වැය කරන මුදල රුපියල් 350,000.00 කි. මෙම කාර්යාල උපකරණ සඳහා ක්ෂයවීමේ පදනම මත මන්ත‍්‍රීවරු විසින් ගෙවීම් කළයුතුවේ.


මේස පරිගණක හෝ ලැප්ටොප් පරිගණකය රුපියල් 20,000.00 ක්ද, පිටපත් යන්ත‍්‍රය රුපියල් 100,000.00 ක්ද, ජංගම දුරකථනය රුපියල් 20,000.00 ක්ද, ෆැක්ස් යන්ත‍්‍රය රුපියල් 30,000.00 ක්ද වශයෙන් මිල නියම වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඇමතිවරුන්ට ඇති සෞඛ්‍යය ප්‍රතිලාභ 

මන්ත‍්‍රීවරයෙක් සඳහාම ලක්ෂ 20 ක රක්ෂණ ආවරණයක් ඇත. මන්ත‍්‍රීවරයකුට හදිසි අනතුරකින් හෝ ත‍්‍රස්ත ක‍්‍රියාවකින් හෝ ජීවිත හානිවුවහොත් ඔහුගේ පවුලේ අයට රුපියල් ලක්ෂ 50 ක වන්දියක් හිමිවේ.

ඇස් කණ්ණාඩි සඳහා රුපියල් 5000.00 ක් වසර 3 කට වරක් හිමිවේ.

වෙනත් වරප්‍රසාද 
තම දරුවන් ප‍්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කිරීම, විදේශ සංචාර තමන් නියෝජනය කරනු ලබන ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා වාර්ෂිකව ලක්ෂ 50 ක ආධාර හා බී. එම් . ඩබ්ලිව් වැනි වාහන බදු රහිතව මිලට ගෙන විශාල මුදලකට විකිණීමෙන් හෝ වාහන බලපත්‍රය නව නීති යටතේ පහසුවෙන්ම වෙනත් අයෙකුට පැවරීම ම්ගින් විශාල මුදලක් උපයා ගත හැක.

ඉහත වරප්‍රසාද මහජන නියෝජිතයන්ට ලැබෙනුයේ පොදු ජනතාව හා පිඩිත පන්තිය වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි.

මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව ඉහත සඳහන් කර ඇති වරප්‍රසාද ඔවුන් ලබාගන්නේ නම් ඔවුන්ට දිය යුතු දඬුවම ගැන සිතා බැලීම පාඨක ඔබට බාර කරන්නෙමු.

- දයාසීලි ලියනගේ ලිපියක් ඇසුරිනි


උපුටාගැන්ම - ගොසිප් 9

3 comments:

  1. අප්පච්චියේ අපේ එව්වත් එක්ක කන්නේ මුන්නේ

    ReplyDelete
  2. මෙහි තව අඩුයි - පාර්ලිමේන්තු කෑම වේල. පවුලේ අයගේ අසනීප සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම. නිවාස දීමනාව (මාදිවෙල නිල නිවාස වල නොසිටින අයට). විමධ්‍යගත අරමුදලට අමතරව ලැබෙන අනෙකුත් සංවර්ධන අරමුදල්. අසීමිත නිවාඩු ක්‍රමය. ධූර කාලය අවසානයේ දී මුළු ජීවිත කාලයටම පැන්ෂන් ලැබීම.... (මේ සියල්ල ලේඛන ගතවන තොරතුරු පමණයි. නමුත් මෙම සීමාව සිය ගුණයකින් පමණ වැඩි වේ. හේතුව, ඉහත වරප්‍රසාද විදිමින් ජනතාවට වංචාවෙන් සහ දූෂණයෙන් සේවය කිරීම ඔහුන්ගේ ආදායම සිය දහස් ගුණයකින් වැඩි කිරීමට හේතු වේ.)

    සත්‍ය වශයෙන්ම මෙය එදා සිට ම සිදු වන දෙයක්. හතු පිපුණාක් මෙන් අද ඊයේ ඇති වූවක් නොව. අප දැන් හෝ ඇස් හැරිය යුතුය.

    ReplyDelete
  3. මාත් ලොකු උණාම මැති ඇමති කෙනෙක් බැරි නම් සී ලඩකාවෙ වගේ මැටි ඇමතිකෙනෙක්වත් උණා නම් හොදයිනේ.......?

    ReplyDelete

Followers

Powered By Blogger