Tuesday, October 23, 2012

රාජ්‍ය සම්මාන ලැබිය යුතු නිර්මාණ..

[%E0%B6%B8%E0%B6%B8.jpg]

අපේ බ්ලොග් ළොකේ ඉන්න හොඳම කතා කාරයා තමයි සඳරූ.. ඒත් දැන් සඳරූට අභියෝගයක් එල්ල වෙලා තියෙනවා ඒ අටම්පහුර.. ඔය පින්තූරේ ඉන්නේ ඌ.

අපේ සාහිත්‍යයේ සළකුණු තියපු අය ගමේ පොරවල්. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, ලිව්වේ ගම ගැන. ගමේ බස් වහර, සංස්කෘතිය, සිරිත් විරිත් අඩංගු කතා කියවන්න අපි කවුරුත් ආසයි. ජාත්‍යන්තරයේ උනත් තත්වය ඒකයි.

මම කාළේකින් කියවන රස වෑහෙන නිර්මාණයක් යනවා මේ දවස්වල අටම්පහුරේ.. ඇත්තටම මේ වගේ උන් ඉන්න එක රටේ වාසනාවක්. බ්ලොග් වලටත් පින් සිද්ධ වෙන්න ඕන මේ වගේ නිර්මාණකරුවන්ට ඉඩ සලසන එක ගැන. එකම කතාවක තුන් වන කොටස අද ලියලා තියෙනවා. බොහෝ අය අටම් ගැන දන්නවා. ඒත් මේ දැම්මේ නොදන්න අයට.. බලලා කියන්න මම කියන්නේ බොරුද කියලා...

මෙතනින් බලන්න...

5 comments:

  1. අනිවා මාතලන්,
    අටමට තියනවා අපේ ගමේ ශබ්දකෝෂෙ නියමෙටම පිහිටලා.
    වචන ටික ගලපලා තියනවා අගේට
    ඒ මොඩන් නෙවෙච්ච අමු රහ අපේ හදවතට වියතේ දුරින් තියෙන්නේ,
    සදරුවාටත් තියෙන්නේ ඒ ගමේ කමමයි.
    අපි වගේ ගමේ ඉපදිලා කොන්ක්‍රීට් වලට වට වෙල ඉන්න බයියලාට මේ වචන මාලාව , කතාව, සිද්දී කණට මීපැණි වක්කරන්නා වගේ තමයි.

    ReplyDelete
  2. මේක අටමට වෙච්ච සිද්ධියක්ද දන්නෑ :)

    ReplyDelete
  3. මේ මොකැ බං මේ , මාව මෙහෙම උඩින් තියන්ඩ එපා මචං , මම එච්චර පොරක් නෙමෙයි

    ReplyDelete
  4. උඹේ ආරම්භය මෙහෙම නම් පරිනත් ඖනහම කොහොම තියෙයිද...?

    කවදාවත් නිර්මාණකරනයෙන් ඉවත් වෙන්න එපා පුතේ....

    ReplyDelete

Followers

Powered By Blogger