Monday, October 15, 2012

අන්තරේ නිරුවත



උපුටාගැන්ම

පසුගියදා මරා දමණ ලද ජානක හා සිසිත සොයුරන් පෙසපෙ බලාධිකාරියට යටත්ව පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නින්දිත ලෙස නොසලකා හැර ඇත. මෙම සහොදරයින් දෙදෙනාම මිය ගියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල සඳහා මූලිකත්වය ගැනීමේ ප්‍රථිඵලයක් වශයෙනි (නිර්මාල්-අමිල සටන පාවා දීම වෙනම ම කතාවකි).

මෙම මරණයන් රිය අනතුරකින් සිදු නොවූවක් මෙන්ම මෙම ඝාතන සඳහා ආණ්ඩුවේ සහ පීඑස්ඩි යේ ඇති සම්බන්ධතාවය ගැන ද බොහෝ ප්‍රසිද්ධ සාක්ෂි ඇත. මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ වාර්තා, සාක්ෂි හා අවශ්‍ය අනෙකුත් තොරතුරු ලබා ගැනීමේ-එකතු කිරීමේ හැකියාව කවදත් හැමෝටම වැඩියෙන් ශිෂ්‍ය ව්‍යාපාරය සතුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා උවමනාව හා කැපවීම පමණි. එහෙත් අන්තරය මේ මොහොතේ ජානක හා සිසිත සෝයුරන්  විරුසිසු නම් ලැයිස්තුවට දමා ඔවුන් සැමරීමට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇත. ඉටි පන්දම් පත්තු කිරීමේ-කඳුළු හෙලීමේ-ආවේගශීලි කතා පැවැත්වීමේ උවමනාව පමණක් ඔවුන්ට ඇත. අඩුම ගණනේ පසුගිය සතියෙ පෙසපෙ ජනරළ පත්තරයට මෙම ඝාතන ගැන විමසීමට  මුල් පිටුවේ සටහනක් දැමීමට තරම් උවමනාවක් වත් නොතිබිණ.

උපුටාගැන්ම අවසන්

ඉතා වටිනා ළිපියක් මෙතනින් බලන්න...

2 comments:

  1. උඹත් අන්තරේ එක්ක ඇරියස්ද? LOOPHOLES ගැන නං කතා කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  2. හ්ම්ම්..මෙහෙම ලියවිලි අපිටත් කියවන්න දාන එකත් හොඳයි.අනේ මන්ද අප්පා

    ReplyDelete

Followers

Powered By Blogger