Sunday, September 16, 2012

පරිවර්ථන



නිලූක කඳුරුගමුව කියල කෙනෙක් කරන ඉතා වටිනා කර්තව්‍යයක් ගැන සඳහන් කරන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. ඔහුගේ බ්ලොග් එකේ නම පරිවර්ථන. එයාගේ වෑයම තමයි ළෝක සාහිත්‍යයෙන් බිඳක් අපි වෙත ගෙන එන එක. එහි පළවන්නේ ළෝකයේ අති ප්‍රසිද්ධ සාහිත්‍ය කෘති වල පරිවර්ථන. ඒක බ්ලොග් එකක පෝස්ට් එකක් දානවා වගේ ලෙහෙසි දෙයක් නෙමෙයි. බොහෝම වෙලා ගතවන වැඩක්. ඒ වගේම විශාල සේවයක්. ඉතින් ඔබත් සාහිත්‍ය ගැන උනන්දුවක් තියෙන කෙනෙක් උනත් නැතත් එතනට පිවිසිලා ඔහු කරන කර්තව්‍යයට සයෝගයක් දක්වන්න. ඔබගේ අදහස් ඔහුගේ මෙම කාර්යයට උදව්වක් වෙයි.

පරිවර්ථන බලන්න මෙතනින් පිවිසෙන්න.

6 comments:

  1. මේ පිළිබඳව දැනුවත් කළාට ඔබට මගේ ප්‍රණාමය ...!

    ReplyDelete
  2. පරිවර්තන වලට මාත් හරි කැමති... බලමු බලමු...

    ReplyDelete
  3. මේ බ්ලොග් එක ප්‍රසිද්ද නැති උනාට ගිය පාර රාජකීය විද්‍යාලේ සාහිත්‍ය සංගමේ බ්ලොග් වලට තියපු තරඟේ හොඳම සාහිත්‍ය බ්ලොග් එකට සම්මානේ හම්බ උනේ මේකට

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එයාලගෙන් සප් එකක් නෑ වගේ...

      Delete
    2. මේ ගැන දැනුවත් කිරීම ගැන බොහෝම ස්තුතියි. ම කියන තුරු රාජකීය විද්‍යාලේ සාහිත්‍ය සංගමේ තරගාවලියෙන් පරිවර්තන අඩවිය හොඳම සාහිත්‍ය බ්ලොග් එකට හිමි සම්මානය ලැබුණු බව මා දැන හිටියේ නෑ. ඒ බව සංගමේ දැනුම් දුන්නේත් නෑ. මේ ගැන දැනුවත් කිරීම ගැන ස්තුතියි.

      Delete
    3. මරු සංගම් නේ. අපේ රටේ සම්මාන ප්‍රධාන ඔක්කෝම එකයි..

      Delete

Followers

Powered By Blogger