Tuesday, December 13, 2011

විභාගේ..

by - Vijitha Gunaratne
from - Vikurthi

විභාගේ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ  //

විභාගේ විභාගේ

විහිළුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට //
නෑ වෙලාව විභාගේ //
එකේ ඉඳන් දොළහ දක්වා
ලොකු පොඩි හැම පංතියකම
ඇතෙක් බරට විභාගේ //
ඉරක් හඳක් ගහක් කොළක්
මනුස්සයෙක් පේන්නේ නෑ
ඔහු සැප දුක අහන්නේ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ...

අම්ම තත්ත අයිය අක්ක
නංගි මල්ලි විතරක්යැ
නැන්ද මාම බාප්ප මහප්ප
යහළු යෙහෙළියෝ අහල පහළ අය //
"කොහොමද ළමයෝ විභාගේ ?"
"තව සුමානෙකින් ප්‍රතිඵල එයි"
කොහොමද විභාගේ ප්‍රතිඵල
ප්‍රතිඵල  ප්‍රතිඵල  ප්‍රතිඵල  ප්‍රතිඵල
බස් එකෙ කෝච්චියෙ පාර තොටේ
න එන හැම තැන කොහොමද ප්‍රතිඵල //
විභාග ප්‍රතිඵල වසංගතේ

ඒ විතරක්ය
විද්‍යා විශයද කළාවද
කළාව කිව්වොත් මළා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කළාව කරන්න
කවුද උඹ දිහා බලන්නේ ?
විද්‍යාවයි ගනන් ගන්නෙ
අඩු ගණනේ වාණිජවත්
"ඉතින් පුතේ නම්බුවක්නේ
පේල් උනත් විද්‍යාවෙන් විභාගේ කොරලා"


විභාගේ විභාගේ

1 comment:

  1. හෆ්ෆෝ....:/ විභාග නම් එපා වෙලා මට..ඕ ලෙවල් කලා, ඒ ලෙවල් කලා. ඒථ් ඉවරයක් නෑ..

    ReplyDelete

Followers

Powered By Blogger