Sunday, October 30, 2011

නොපෙනීම

by - Dilip Kumaara Liyanage


වමෙන් දැණුම ගෙන
දකුණෙන් උගන්වන
ටියුෂන් කාරයෙක්මි
ජීවිතේ හුනු කැබැල්ලක
කළු ලෑල්ලේ අතුල්ලන

"යුගාන්තය" ඉවරයි
යුගය එතනමයි
සැළලිහිණියත් ඉවරයි
ළමයි ගෙදර අරගෙන ගියේ
කටකාර සැළලිහිණියෙකු විතරයි

දෙසන විට උජාරු බස්
කුසගිනි බඩවත ඇදූම් කයි
දරුවනේ මේ දැණුම
දෙපැත්ත කැපෙනා කියතක් විතරයි

දෑත් ගංගාවේ රළ මතින්
වේදිකාවට පැමිණි චිට් කැබැල්ලක්
ආපසු ගන්නට නොහැකි ජීවිතේ රිදවයි

"සර්"
වමෙන් ලියනවද
අපට පේනව හොරය..

2 comments:

  1. චුට්ටක් විතර තේරුනේ නැහැ, තේරුම් කරනවා නං ලොකු දෙයක් .....

    ReplyDelete
  2. @ පන්සල් හංදිය
    කොයි ටියුෂන් මාස්ටත් සමාජවාදය දේශනා කලාට ධනවාදය කරා වේගයෙන් යන අය. (මට තේරෙන හැටියට.) මම ඒ කාලේ ඕක බන්දුලට කියල මාව පන්තියෙන් එලෙව්වා. ඊට පස්සේ ගියේ චූලා ගාවට..

    ReplyDelete

Followers

Powered By Blogger