Sunday, September 4, 2011

උපන්දා සිට කරපුවා නැත තෙවරක් පැන්නොත් ට්‍රැක් එකේ

by - Wimu (Lanaka Newspaper)



සිතුවාද.. සිතුවා... ජැමෙයිකාව පෙරසිට..
තරඟය දිනාගන්නට..
පැන්නාද්.. පැන්නා.. ඒ ලණුව දැක් දැක..
තෙවරක් පැන්නා පෙරට..
පනින්නෙපා - ඒ විදියට පනින්නෙපා..
බෝල්ට් උනත් තුන්පාරක් පැන්නොත් අයින් කරල දමාවී..

ටක් ගානවා - ටික් ගානවා - ටුක් ගාන්න - පෙර පනිනව..
අනේ... බෝල්ට්.. පනින්නෙපෝ..
හෙමින් සැරේ දුවන්නකෝ...

පැන්න මලේ උඹ කියන්ඩ පෙරාතුව..
ඔන් යුව මාක් ගෙට් සෙට් ගෝ
එන්න එපා කිව්වාද යලිත් හෙට
ගෙදර ගිහිං ගහපං බොංගෝ..

රත්තරන් ට්‍රැක් පුරාණේහී සිතුවම් මකා
පැන්නේ ඇයි දෙයියනේ තුන්පාරක් ඔයා
මට ඔබේ වෙච්ච පැරදීම නොපෙනෙන්න නම්
මේ ඉරි දුන ටී.වී. වාසනාවන් මචං..

කලින් පැන්නද තල්ලු කෙරුවද මොකද මන්දා උඹට වූයේ
මලක් ගහුවද ගුලිත් කෑවද මොකද මන්දා උඹට වූයේ..

ජැමෙයිකාවට පායන සඳ ලස්සනයි කියන්න
ටෙන්ෂන් පිට නොපනිනදා උඹට හැකිය යළි දිනන්න..

2 comments:

  1. එකපාරයි පැන්නෙ.

    ReplyDelete
  2. @ රාජ්
    ඇත්ත. දැන් එක පාරක් පැන්නම ඇති.. නිර්මාණ කරු සමහර විට ඒ ගැන දැනුවත් නැතුව ඇති..

    ReplyDelete

Followers

Powered By Blogger