Tuesday, September 6, 2011

කුඩම්මා වුවත්

by - J.J.Wickramasena


ආමර් වීදියේ බිම්මහල උඩ ඇති
කෙලවරේ ගෙදර අඩදබර වලි නැති
මා දුටු යකඩ ගැහැනිය නැමති සිරිමති
සිරි දෙව්දුවක යැයි දුටු සැවොම පවසති

ලෙබනන් රටේ උඩු මහලින් වැටී බිම
අම්මා නො ආයෙන් කළි සැප සොයාගෙන
සුළු මව් පඩවි ලැබු සිරිමතියගේ නම
මගේ හදවතේ කවියක් වෙයි සදාතන

කුඩම්මා වුවත් අපෙ බත් අම්මාය
සිත්වල සුවඳ පිරවූ මල්ලම්මාය
ඇස් වල කඳුළු දුක් දළු පිස දැම්මාය
බත් නැතිදාට බනිසක්වත් දුන්නාය

ගාමන්ටෙකේ සිකුරිටි කළ කුඩම්මා
පේමන්ට් එකේ බත් විකුනපු කුඩම්මා
ඇපල් මිදි කොමඩු මට කැවු කුඩම්මා
සකියා මලත් අප දැඩි කල කුඩම්මා

"නොවැදුමුත් කුසින් නුඹලා මගෙම පැටව්
දරුවනි, පැමිණි දුක් පැණිරස බවම සිතව් !
මානව දයා ගුණ සිත් සියපතෙහි ඔතව් !
පිටුදැක අසත්දම් ජන හද සතුට පතව් ! "

අට ලෝ දහම හමුවේ නොසැලුනේ හද
ඇගෙ කටහඬිනි මුවහත එහි දැනේ අද
සමුගත් නමුදු දුක්බර ජීවිතේ විඳ
කිරි බුදු කුඩම්මා මතු බුදු නොවේවිද ?

1 comment:

Followers

Powered By Blogger