Thursday, September 1, 2011

තෙවැනි වසරේ සිසුවකුගෙන්

by - Dharmasiri Benedict


සපිරි බර මෙසිරිලක
උසස් අධ්‍යාපන සිප්හලෙක
කැන්ටිමෙන් කන
මලකඩ ජලය බොන
ඇවිදින ඇටසැකිල්ලක් වෙමි මම

තෙවැනි වසරේ ඉගෙනුම ලබමි
ගේ දොර කුඹුරුද
උකසට තබා සිප් හදාරමි
හැර තබනවා වෙනුවට
බෝ කළක් ඉබි යතුරුලන
කැම්පස් බිත්ති සිපගනිමි

ශිෂ්‍යත්ව - ශිෂ්‍යාධාර
නැති කමින් ළතවෙමි
ප්‍රේමයේ සිහිලැල් සුළඟටද
සිහිනැතිව ඇද වැටී පසිතැවෙමි...

අවසාන වසරට බඩ ගගා දනගාමී
පැසෙන නර කෙස් වලට කළුපාට ඩයි උලමි

No comments:

Post a Comment

Followers

Powered By Blogger