Wednesday, July 13, 2016

SAITM, දිල්කා සමන්මලී හා වෙන්ඩ ඩොට්ටර්


ආදරණීය වෙන්ඩ ඩොක්ටර් රයන් කොලුවා වෙත ලියමි..,
*******************************************

සැපම වේවා..!!!

සෑම බදාදා දිනකම රෑ 10:30 ට මහින්ද මහත්තයගේ චැනල් එකේ යන, "අළුත් පිස්සන් කොටුව" ඒකෙම යන "ආටක නාටක" වගේම දැන් හරි ජනප්‍රියයි..

ඒකත් එක්ක බලුවාම නම්, "පරණ පිස්සන් කොටුව" මේකට වඩා දාස් ගානක් හොඳයි..

ඔතනට අර "ආටක නාටක" එකේ "සුරන්" හැම එකේම ඉන්නවා වගේ, හැමදාම එනවා කෝට් බෑයක් එහෙම දාගත්ත "වලං කඩේට පැනපු හරකෙක් වගේ එකෙක්..", ඌත් හරි ජනප්‍රියයි..

ඊයේ එකට නම් පොර හිටියේ නෑ.. ඒක නිසා ටිකක් වැදගත් විදියට ගියා...

සයිටම් එකට විරුද්ධව අදහස් දෙන්න එතනට ආපු උඹ සත්තරන්..

උඹ කිව්වා අපිට මේ දෙමව්පියන් එක්කවත්, ඒ සහෝදර සිසු සිසුවියන් එක්කවත් සයිටොන් එකේ ප්‍රමිතිය එක්කවත් කිසි ගැටළුවක් නැතෙයිය.. එකම ප්‍රශ්ණය සල්ලි අරගෙන උපාධි දෙන එකය කියලා.. ගේම තියෙන්නේ ආන්ඩුව එක්කෙයි කියලා.. ඒ නිසා ආන්ඩුව දන ගස්සනවය කියලා..

ඔහොම ආන්ඩු දන ගස්සන්න ආපු උන් මහ ගොඩක් 1972 දියි, 1988-89 කාළෙයි දන ගහගෙන නෙමෙයි එක එක විදියට නිවන් ගියා.. උඹලව දක්කපු උන් රට පැනලා එහෙ මෙහෙ පැනලා මාර් වෙලා ආයේ ඇවිත් දැන් උඹලව අල්ලගෙන..

සයිටම් එකට විරුද්ධව ආපු දොස්තර මහත්තයට තියෙන්නේ ලීගල් ප්‍රශ්ණයක්.. එහෙම නැතිව එයාලගේ ඒකාධිකාරය නැතිවෙයි කියන බයක් එහෙම එයාලට නෑ..

අනේ ඉතින් "රයන්" පුතාට අපිට කියන්න තියෙන්නේ, පුතේ ඔය වමේ බංකොලොත් දේශපාලන පක්ෂවල බංකොලොත් තියරි කට පාඩම් කරගෙන ඇවිත් කියවන්නේ නැතිව, ඇත්ත ළෝකය දිහා බලපල්ලා කියන එක ඉතරයි..

මාතලන් සීයා ඉපදිලා තියෙන්නෙත් පෞද්ගලික ඉස්පිටිතාලෙක.. ඒ මීට අවුරුදු පනහකට ඉතර කලින්.. එතකොට අපි දන්න කාලෙත්, සුලෙයිමාන්, රත්නම්ස්, ඩර්ඩන්ස්, සෙන්ට්‍රල්, කලීල් වගේ ඒවා එදා ඉඳලා තියෙනවා.. පස්සෙ කාලෙක නවලෝකෙ එහෙමත් ආවා.. ඒත් මහ ඉස්පිටිතාලෙවත්, කළුබෝවිලවත් වැහුනේ නෑ.. ඒවත් තව තව දියුණු උනා..

ජෝසප් ෆ්‍රේසර් එක මම හිතන්නේ සුද්දගේ කාලේ ඉඳන් අදටත් තියෙනවා. එතකොට අළුතෙන් නයින් වෙල්ස් ආවා.. ඒ කියලා ලයිනින් හෝම් (කාසල්) එකවත් ඩි සොයිසා එකවත් වහුනේ නෑ... පිටින් චැනල් කරලා අදටත් ඒවල පැටව් ගහලා ආතල් එකේ යනවා..

එතකොට, ප්‍රාතමික අජ්ජාපනේ, ද්විතීක අජ්ජාපනේ, උසස් අජ්ජාපනේ ඉතරක් නෙමෙයි කාර්මික අජ්ජාපනෙත් පෞද්ගලිකව ගන්න පුළුවන්.. ඔයාලා මැඩිකල් කොලේජ් ඇවිල්ලත් තියෙන්නේ ප්‍රයිවට් බස් එකේ ටියුෂන් ගිහින්...

ඉතින් දවසක අර ඇවිත් උන්න මහාචාර්වරයගෙ දරුවා පෞදගලික එකට යනවා වගේ, තමන්ගේ දරුවටත් පෞදගලික අජ්ජාපන ආයතනයක ඉගෙන ගැනිමේ ශක්තිය ධෛරයය හා බුද්ධිය උඹට ලෑබේවා කියලා ප්‍රාර්තනා කොරනවා..

සමහර වෙලාවට අනාගතේ දවසක.. ළොකු ගානක් ගෙවලා... ළොකු වාහනෙකින් ඇවිත් බැහැලා.. ළොකු ජේමිස් බොන්ඩ් බෑග් එකක් අරගෙන..ළොකු ටයි පොල්ලක් එහෙම දාගෙන.. දොස්තර නලාව කරේ දාගෙන...ළොකු අඩි තියලා ඇවිදගෙන ඇවිල්ලා .. (ඔව් යකෝ නැහ්නන් කොහොමෙයි ඉස්පැසොලිස් කියලා දැන ගන්නේ) උඹව චැනල් කරන්න ඇවිල්ලා...

"පේසොන්ස් ටු සී.. "ඩොක්ටර් රයන්"..., පිලීස් කම් ටූ රූ නම්බර් අහවල් එකටෙයි කිව්වාම, කාමරේට බය පක්සපාතව ඇවිත් නම කිව්වාම.., අපිවත් පෝඩ්ඩක් මතක තියා ගනිල්ලා..

- මීට හිතවත් මාතලන් සීයා -

5 comments:

  1. බංගලිදේශයෙන් ඉගෙන ගෙන ආවාම එක එක්සෑම් එකක් තියලා සමස්ථ දොස්තරයාවම මැනලා කියලා අහක් වෙලා ඌව ඇතුලට දාන්න හොදයි.. ආනේ මේ ලංකාවේ ඕක කොලාම නාකයි..
    හැබැයි නෙවිල් ලොක්කත් ඕකෙන් ගරනවා රිඹ යන්න ගැරිල්ලක්.. ඒකත් ඉතිං අඩුවෙන්නට ඕනි..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කියන විදිය ට ලන්කාවේ අද්‍යාපනයත් සුපිරි ය ,සුව සේවයත් සුපිරි ය . කිසි ම ප්‍රතිසන්ස්රණයක් වුවම නා නැතිය . Campus select නොව න අයට උසස් අද්‍යාපනය ලැබී මට අවස්ථාව සැලසීම හා ඊට සැලසුම් සකස් වියයුත්තේ campus select වුන වුන් කියන විදියට ය . ඒක උගේ අයිතිය ය . ලන්කා ව දැනට මත් විකාශනය හමාර කර පරිපූර්ණ වී හමාර ය .

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Followers

Powered By Blogger