Sunday, April 26, 2015

නේපාලයේ ඛේදවාචකය..


පිරිස මියගිය 
ඉක්මවයි
3000 ද.
( - ජාත්‍යන්තර මාධ්‍ය)

හානි නෑ
ලුම්බිනියට.
(- අපේ ගොන් මාධ්‍ය)

සාධූ... සාධූ... සාධූ...!!!

 -o-

17 comments:

  1. හැක් හැක්.. අනුහස් මෙයා ..අනුහස්...

    ReplyDelete
    Replies
    1. වැඩ බැරි ඇට්ලස්April 26, 2015 at 10:45 PM

      පලමුව,ජාත්‍යයන්තර භූමිකම්පා හෙලා දකිමු !
      දෙවනුව, රිච්ටර් මාපක 7.8 නේපාල භූමිකම්පාවට බයවෙමු!
      ඇයී අප බිය විය යුත්තේ,
      රිච්ටර් මාපක 5.0–5.9 ප්‍රමානයේ භූමිකම්පාවක් ලෝකේ උතූම්ම රටේ සිදුවුවහෙත් ;
      හොඳම* කම්බි ,
      හොඳම* සිමෙන්ති ,
      හොඳම* වැලී,
      හොඳම* ගඩොල්,
      හොඳම* ගල් (DCSL ගැන නොවේ),
      හොඳම* වතුර,
      හොඳම* ආකීටෙක්ලා,
      හොඳම* ඉංජිනේරුවෝ,
      හොඳම* බාස්ලා,
      හදපු, හොඳම* ඉදිකීරිම් තුල ගැවසෙන හා ඒ අසල රැදී සිටින යහ පාලනයට කැමති අකමැති සියළු දෙනාට ගාල්තැන්නේ කපුවගේ පිහිට හැර වෙන සරණක් නැත.

      *හොඳම යනු නෛසර්ගික ගුණයක් නොව වෙළද නමකී.
      ---
      යහපාලනය -
      යහපාලනය නම් වු වචනයට එහිම වු යම් නෛසර්ගික ගුණයක් නොමැති අතර එය ............ නමකී.

      මාතලන්, ඉහත හිස් තැන පුරවා එවා, දින100 යී, වැඩ 47 පඩ 53 පොත් පිංච ලබාගන්න.

      Delete
    2. ///*හොඳම යනු නෛසර්ගික ගුණයක් නොව වෙළද නමකී.
      ---/// මේක නම් වටින කියමනක් ඇනෝ

      Delete
    3. අක්කා අක්කා කියලා අපි කථා කරාට මේ ඕමා ඇන්ටි කෙනෙක්ද කොහෙද ඇස් පෙන්නෙත් නෑ මේ ඇනෝ කෙනෙක් නෙවි "වැඩ බැරි ඇට්ලස්"

      Delete
    4. මේ යන්න අනේ,, එයා බොට් කෙනෙක්

      Delete
    5. අක්කා අක්කා කියලා අපි කථා කරාට මේ ඕමා ඇන්ටි කෙනෙක්ද කොහෙද ඇස් පෙන්නෙත් නෑ මේ ඇනෝ කෙනෙක් නෙවි "වැඩ බැරි ඇට්ලස්"

      Delete
  2. දෙයියෝ ඉන්නකම් මොකුත් වෙන්නේ නැ. මතකනේ සුනාමි, බුදු පිළිම ඉතුරු උනා. මුස්ලිම් පල්ලි කැඩුනාලු....

    ReplyDelete
  3. බුදු පිළිම ඔක්කොම කුඩුවෙලා අර මැරිච්ච පොඩි උන් ටික ඉතුරු උනානම්..

    ReplyDelete
  4. නොදකින් මෙහෙමත් මිනිස්සු... කෙහෙල්මල් අනුහස්

    ReplyDelete
  5. මාධ්‍ය කියන්නෙත් ඉල්ලුමට සැපයුම දෙන තවත් එකක් විතරයි නෙව. ලුම්බිනිය අපේ රටට වැදගත්. එච්චරයි!

    ReplyDelete
    Replies
    1. රාජ් මේ අපිට දැනටමත් එක ගොනෙක් ඉන්නවා මාතලන් කියලා. ඔයාත් මේ නිකං ගොනා වෙන්නැතිව ඔයාගේ අර පඩංගුවේ මොනවා හරි ගූ ගොඩක් දාලා නිකන් ඉන්න. දන්නැත්තං ඉගෙන ගනින් UNESCO එක ලුම්බිනිය ලෝක උරුමයක් කරේ 1997.

      Delete
    2. AnonymousApril 27, 2015 at 10:11 AM
      හරකෝ කියන දේ තේරුම් ගනින්. හර‍ක උනාට නැට්ට පාගාගන්න එපා.

      ලුම්බිනිය ලෝක උරුමයක් උනත් නැතත් අපේ එවුන්ට ඒක වැදගත්. මොකද කියලත් කියන්න ඕනද? අන්න එ් වැදගත්කම නිසා තමයි ඕක නිව්ස් එකක් වෙන්නෙ. මම කිව්වෙ ඒකයි. වලං කඩේ හරකගෙ නාඩගම ඇක්ට් කරන්න එපා!

      Delete
  6. ඉතින් (ළ)මාතලන්!! කොයි මාධ්‍යයේද මිනිස්සු 3000 ක් මැරුන බව නොකියා ලුම්බිනියට හානි වුනේ නෑ කියලා විතරක් කිව්වේ? කොයි ජාත්‍යන්තර මාධ්‍යද ලුම්බිනියට හානි වුනේ නෑ කියන්නේ නැතිව මිනිස්සු මැරුන ඒක ගැන විතරක් කිව්වේ? ඒ දෙකම වැදගත් ප්‍රවෘත්ති නේද? අහලා නැද්ද ලුම්බිනිය? ඒක මේ ගමේ හන්දිය වගේ තැනක් නෙවෙයි ඒක පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තිබෙන තැනක්. අායෙත් උඹේ නරුමාවාදේ මතුවුනා නේද උඩට?

    ReplyDelete
    Replies
    1. (ළ)මාතලන්++++++++++++++++++

      Delete
  7. නේපාලයේ ඛේදවාචකය හමුවේ අප සැවොම කනගාටුවිය යුතුය. මෙවැනි ප්‍රකාශ කරන්නන් එදා අද සහ හෙටද හිදිනු ඇත. ඔවුන් ගැන අප ඊටත් වඩා කනගාටු වන්නෝ වෙමු

    ReplyDelete
  8. ලංකාවේ අපි තාමත් කැමති ආශ්චර්ය ,දෙවියන්ගේ බලයන් විශ්වාස කරන්ඩ මිසක් තමන්ගේ හැකියාවන් විශ්වාස කරන්ඩ නෙවී,සුනාමියට කොච්චර බුදුපිළිම කඩුනද , ඒවා පබ්ලිස් කරේ නැහැ ,කැඩුන නැති ඒවා විතරක් පබ්ලික් කරේ,නේපාල් වලත් කැඩුණු පන්සල් ගැන නැහැ,නොකැඩුණු එක ගැන විතරය් කතාව,

    ReplyDelete

Followers

Powered By Blogger