Wednesday, October 29, 2014

මීරියබැද්ද සහ පොම්පේ


// අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .

දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ඉඩකඩ ඉතාම අල්ප බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා .

හල්දුම්මුල්ල - බෙරගල සිට කොස්ලන්ද දක්වා නායයාම් අවදානම් කලාපයක් පවතින බව "භූ විද්‍යා හා පතල් කාර්යාංශය" සහ "ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය" හඳුනා ගන්නේ වසර 2000 තරම් ඈත අවධියේදී , වසර 2005 දී මේ ප්‍රදේශය ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස නම් කරනවා . //

ඉතිරිය මෙතනින් >>>

2 comments:

Followers

Powered By Blogger