Tuesday, October 28, 2014

අරක්කු සහ මක්කම..


ලොක්කා බෞද්ධ ඡන්ද අඩු කර ගන්න වැඩ දෙකක්ම කොරලා.. මම හිතන්නේ ආන්ඩුවේ උන් ලොක්කට උපදෙස් දෙන්නේ කෙලවෙලාම පල කියලද කොහෙද..

1. අරක්කු මිල වැඩිවීම
ඒක වැඩි කලාම කොහොමෙයි බෞද්ධයෝ අමනාප වෙන්නේ. බෞද්ධයෝ අරක්කු බොන්නේ පිරිත් පැන් බොනවටත් වඩා ශ්‍රද්ධාවෙන්. ඉස්සර මගුල් ගෙදරක හරි ට්‍රිප් එකක හරි බීපු උන්. අද හැමදාම හැන්දෑවට කාළක් හරි ගහනවා. සම හරක් ඇඟේ අමාරුවට. සම හරක් කේන්තියට. සම හරක් ආතල් එකට. සම හරක් සෝසල් එකට. ඉතින් ඒකට කෙලියාම ඡන්ද අඩු නොවී තියෙයිය.

2. තම්බි ඔක්කෝම මක්කම යැවීම.
බොරුවට කියන්න ඇත්තේ. ඇයි යකෝ මේක හෙන ප්‍රොජෙක්ට් එකක් වෙනවා නේ. රිටර්න් එයාර් ටිකට් එක කීයෙයි. එතකොට අතටත් කීයක් හරි දෙන්න එපාය. යැව්වා නොයැව්වා..., ඕන් අපේ අම්මට මල පැනලා ලොක්කත් එක්ක්ක. ඇයි අනේ ඒ වාහෙට බැරි බුද්ධාගමේ උන් දඹදිව අරින්න. අනික අච්චර වියදම් යන්නෙත් නෑ නේ.

කොහොම හරි අපේ පවුලේ ඡන්ද දෙකක් ලොක්කට නෑ..

අපේ මනාපේ අරක්කු අඩු කරන අයට.
අපේ අම්මා දඹදිව යවන අයට..

දැන් පොදුවේ සටන් කොරලා වැඩක් නෑ අප්පා..
මාත් අර ඒකීය පුග්ගලද මක්කද එකෙක් වෙන්න හිතුවා...

8 comments:

  1. මාමි මුනා කොලත් මියාලට වැලදියි

    ReplyDelete
  2. ඔහොම දෙක ගානෙ අඩු වුනාම හරි මචෝ....

    ReplyDelete
  3. මීට වඩා ගමේ බයියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කොහොමද අප්පා...ම්කා කිව්වත් කතාව ඇත්ත.

    ගැමිකම එකක්, බයි කම තව එකක්. ගැමිය බිද්ධිමත්, ඒත් බයියා??

    ReplyDelete
    Replies
    1. මෙන්න මටත් කියාගන්න ඕනෙවෙලා තිබුණු ටික. අම්මපා මනොෂ් උඹ ළඟක හිටියනම් ඔබනවා අයිස්ක්‍රීම් එකක් කටේ.

      බයියා බයියා හැටියට ඉන්නේ නැතුව රෙද්ද උස්සලාම මම බයියා කියන එක තමා බයියාගේ යි ගතිය.

      Delete
    2. අයිස් පලමක් නෙමෙයි නේද

      Delete
    3. කිව්වා කියලා හිතාගනින්

      Delete

Followers

Powered By Blogger