Thursday, September 4, 2014

Google සිංහල පරිවර්ථන සතිය ඇරඹේ



Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.

ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කරලා. මෑතක දී එක්කාසු වුනු  Google Translate Community එක සමඟ එකතු වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමටයි Google බලාපොරොත්තු වන්නේ. එ මඟින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති.

Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායක වීමට ඔබත් කැමති නම්, මේ අවස්ථාව ඔබටයි. ඒ සඳහා මෙතැනින් Google Translator Community වෙත පිවිසිලා අන්තර්ජාලය භාවිත කරන මිලියන ගණනක් සිංහල භාවිතකරන්නන්ගේ සේවය වෙනුවෙන් ඔබටත් දායකවන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තෑගි දිනාගන්නත් අවස්ථාව තියෙනවා. මේ ගැන වැඩි විස්තර එළඹෙන සතියේ Tech Guru වැඩසටහන තුලින් ඔබට දැකගන්නට පුළුවන්

Best regards,

http://techguru.lk/2014/09/01/google-sinhala-translate-week/


Waruna Mullakandage

6 comments:

  1. ඔත්තුවට ස්තූතියි

    ReplyDelete
  2. අම්මට සිරි මාතේ පට්ට ආතල්නේ , චානව පාටියක් ඔයේස්

    ReplyDelete
  3. අඩේ මාතය අපිට පුලුවන් නේද වචනවල තේරුම දෙන්ඩ , වැඩේ මරු බං ඒත් අහන සමහරක් ඒවා මම දන්නේ නැනේ

    ReplyDelete
  4. ගුගල් යක්කුන්ගෙත් අම්මට $%&*^&^ මට ඉස්සෙල්ලම දුන්න වචනේ හුකන්න කියන එකනේ බං

    ReplyDelete
    Replies
    1. ඒකත් ජෝන් බාස්ට
      මේ බලහං sons කියන වචනයට = පුත්රයන් හරිද අහනව

      it = ටෙලිසන්නිවේදන

      to Encumbrances = තහනම් ෙපෞද්ගලික

      මට පේන්නේ මචං පරිවර්තනය කරන උන් සිංහල අකුරු වැරදියට දෙනවද කොහෙද

      Delete
    2. මමත් නිවැරදි කිරීම් කරන්න ගිහින් එපාවෙලා ඉන්නෙ. මොන යක්කුද මන්දා ඒ වගේ වචන දීලා තියෙන්නෙ. වචන 10ක් බැලුවොත් 7ක් විතරම වැරදි. අනික මේක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීන මහත්තුරු මේකට බහිනවනම් හොඳයි කියලත් හිතෙනවා. (කොහොමද එහෙම අය සම්බන්ධ කරගන්නේ?) නැත්නම් ඉංග්‍රීසි ෆිල්ම් වලට සබ් දැම්මා වගේ තියෙයි.

      උදා: He was fired. = ඔහුට ගිනිතිබ්බා.

      Delete

Followers

Powered By Blogger