Friday, April 25, 2014

කසිප්පු කාරයාගේ රමණය.


අපූරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක්, ආයෙත් සැරයක් දුන්නා කෙන්ජි. හැබයි මූ කසිප්පු කාරයෙක්. හොඳම බඩු තමයි දෙන්නේ. අනං මනං ජරාව නෑ. සුපිරි පිරිසිඳු ඇල් වතුර වගේ සොලිඩ් බඩු. බොරුවක් මුසාවක් එහෙම කියනවා කියලා හිතවනම්, ඔහේලත් ගිහින් ෂොට් එකක් ගහලා බලලා ඇවිත් කියන්නකෝ.

විකුණන එකාගේ නම "ශෂී", පොට් එකේ නම "ශෂීගේ කෂියා" බඩු දෙපාරක් පෙරලා තමයි බොන්න දෙන්නේ. මගෙත් බොක්කටම වැදුනා. උගේ "රමණය" කියන කවියද මොකක්ද මන්දා, එක මගේ බොක්කටම වැදුනා. අළුතෙන්ම ලියලා තියෙන්නේ "සිවුර" ගැන. අනෙක් ඒවත් කිසිම වෙනසක් නෑ.

ගොඩවෙන්න... මෙන්න... ශෂීයගේ කෂියා..

8 comments:

  1. හි හි මුලින්ම දැක්කේ මරණය කියලා , thanks මහාචාර්ය තුමණි ගිහින් බලන්නම්

    ReplyDelete
  2. ගිහින් බැලුවා. කසිප්පු ටිකනම් සුපිරි. ඒත් බිව්වට මොකුත් කියාගන්න බෑ. කමෙන්ට් දාන්න තියෙන විදියෙ සාමාන්‍ය ක්‍රමේට වඩා වෙනසක් තියෙනවා.

    ReplyDelete
  3. කෙන්ජියටයි, මාතලන්ටයි දෙන්නටම ස්තුති වේවා

    ReplyDelete
  4. කසිය ගහන්ඩ ගියා ආයේ යන්ඩ පිරියක් නැ , ලියන එවා හොද උනාට
    පිටු සැකසුමනං මෙලෝ රහක් නැ

    ReplyDelete
    Replies
    1. දැන් හදල තියෙන්නෙ ඇටම් ..

      Delete
  5. අන්න ගහනවා නම් බඩු. ලුනු කැටයක්වත් ඕන්නෑ. මම කිව්වේ බොනවා නම් බඩු කියලා.

    ReplyDelete

Followers

Powered By Blogger