Friday, December 6, 2013

ජෙමාගේ බොග..


මැලේසියාවෙ ඉන්න සිරා බුකියට මැසේජ් එකක් දාලා තිබුනා ඌගේ යාලුවෙක් බොගක් දානවා පොඩි පබ්ලිසිටියක් දෙන්න කියලා. එහෙම කවුරු හරි කිව්වම මම කරන්නේ සින්ඩියේ එල්ලන එක විතරයි. ඒත් මූව නම් ඔහේලට ඉන්ට්‍රෝඩියුස් කරලා දෙන්නම ඕන කියලා හිතුනා..

මූ නම් මල්ටි ටැලන්ටඩ් පොරක්.. නම ජෙමා.. ජෙමා කියන්නේ සවුදන් ජෙමා නෙමෙයි, කළු ජෙමා. උගේ බොග නම් පට්ටේ උපරිම, මේ දවස්වල නම් දාලා තිබුනේ ටිකක් සඳරුගේ වගේ පෝස්ට් දෙකක්.. ඒ උනාට මට ඇල්ලුවේ ඌගේ කවි සැට් එක.. ඒවා නම් උපරිමයි..

//රත්තා රොබ්බාගෙන
ගෙජ්ජි හැඩවෙයි
පන්සලේ පිරිත් තාලෙට
අඩි දෙකේ හතරේ සුදු කොඩිය
අඩකුඹව
සුළග ලෙලවයි සපිරිවර ගොක් රෑන්
ලූණු මිදෙල්ලා ගහෙන් පාතට
ලණු ඇද කොයිතරම් අමාරැද?
කිරි කිරිය, මකුණන්ගෙ කරදරය?
පඩික්කම පිරෙන්නට රතුවෙන්න
කෙළ නොගැහුවොත්
පාලුයි වගේ
පිල උඩින් චුරැස් කියා
ඇගිලි දෙක මැද්දෙන්
බුලත් කෙළ නොවිද්දොත්
මිදුල හෙලුවෙන් වගේ
මම කොහේ බුලත් හපන්නද

දුප් යන්න පර බල්ල
මෙහෙ වරෙන් මගෙ
කුක්ක, බූලගෙ හිත හදන්නෙ කවුද
උණු අලු පල්ලෙ තියාපු
කරෝලයෙක් අරන්
රවුමට බත් ගුලි කරන්
මං කොහොම කවන්නද බූලො
උඩු බුරන් නැතුව ඉදහන්
දෙල් කද කනත්තට ගිහිං බලහං...//

මෙතනින් ගිහින් බලන්න බොරුවක්ද කියලා...

7 comments:

  1. මූ මහගමසේකරගේ නැවත උපතක්, මම ජෙමගේ පලවෙනි කවියටම එහෙම කොමෙන්ටුවක් දැම්ම

    ReplyDelete
    Replies
    1. අනිවා... මට අහු උනේ නෑ නේ.. සිරා කියනකන්.. තව එකක් අහු උනා.. ඌ නම් පොත් හතක් අටක් දැනටත් ලියා දාලා ඉන්න එකෙක්. පස්සෙ දාන්නම්

      Delete
  2. මාත් ජෙමාගේ පළමු එකේ ඉදං බලන ගෝතයෙක්...

    ReplyDelete
  3. සිරා මටත් කිව්වා සීන් එක ගැන... මත් හිටියේ ඊළඟ පෝස්ට් එහෙකට පොරගේ බ්ලොගේට ලින්ක් එකක් දාන්න... මතලන්ගේ සින්ඩියෙන් දුන්න කියන්නේ වෙඩි වගේ තමයි....

    හැබැයි ජෙමා දනගන්න ඕනේ සිස්ටෝන් එක අල්ලන් වැඩේ කරන්න ....

    ReplyDelete
  4. මෙන්න කවි!!. . ජෙමා නම් පොරකි ..

    ReplyDelete
  5. මාතලන්ගෙ සිංඩියෙ ම තැනක් දීපු එක ගැන අවංක ස්තුතිය..උඹගෙ පා ර පෙන්නිල්ල..සිරාගෙ අත්වැල මගෙ බ්ලොගට ලොකු හයියක්..

    ReplyDelete
  6. මාත් අද ගියා ඒ පැත්තෙ ඔහේ ඒ ගැන කියෙව්වට පස්සෙ ඇත්තටම පට්ට පට පට ඕය්... හී

    ReplyDelete

Followers

Powered By Blogger