Thursday, December 6, 2012

ලැජ්ජයි!!



අද මාධ්‍යවේදියකුට නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටවත් තම අදහස් ප්‍රකාෂකිරීමට නොහැකි කාළයකි. නිදහසේ තම මතය ප්‍රකාෂ කළ හැකීවීම බ්ලොග් ලියන්නන්ට පමණක් සීමාවී ඇත. එහෙත් එහිද යම් දෙයක් ලියනුයේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු පිරිසක් වීම ඉතා කනගාටු තත්වයකි. එවන් වාතාවරනයක් තුල, වෙන්න වෛද්‍යවරයකු වන සබිත් විසින් ලියා ඇති දේ අප අගය කළ යුතුය. මීට පක්ෂපාතව මෙන්ම අපක්ෂපාතවද කරුණු ඉදිරිපත් කිරීමට අයිතිය ඇත්තේ ඔබටයි. ඒ අවස්ථාව ඇත්තේ බ්ලොග් ළොව පමණයි. මෙයත් වසා දමන තෙක් අප ලියමු.

ජනාධිපති තුමනි ඔබ නැති කරන්නේ මාධ්‍යවේදීන්, ත්‍රස්තවාදීන් හෝ බටහිර කුමන්ත්‍රණ කරුවන් නොව. ඔබ කඩු අතට දී මැස්සන් මරන්නට දී ඇති වඳුරන්ගෙන්ම බව කරුණාවෙන් සලකන්න.

ළිපිය බලන්න මෙතනින් යන්න.

2 comments:

  1. බොහොම ස්තුතියි අගේ කිරීමට. වෛද්‍යවරයෙක්වීමට තව බොහෝ කල් ඇත. තවම සිසුවෙකි :)

    ReplyDelete
  2. සත්තකින්ම නිදහසේ අදහස් සහ විවේචන ප්‍රකාශ කරන්න අපිට ඉඩකඩ සැකසී තිබෙනුයේ බ්ලොග් අවකාශයේ. මෙය නැවතුවද අපිට විකල්ප සැකසේවී. ප්‍රොක්ෂි සයිට් හෝ අප සහයට සිටීවී. අප සහයට කියුවාට එම වචනය තුල බ්ලාග් කියවල සහ ලියන සියලු දෙනාටම අර්ථකතනය විය යුතුය. කොපමණ කතා කළත් සත්‍ය තේරුම් ගැනීමට නොහැකිව අන්ධවී ඇති ජන කොට්ඨාශයක් ද සිටිනා බැවින් රටේ අනාගතයක් කෙසේ දකිමුදෝ කියා විටෙක හැඟේ.
    ඇත්තෙන්ම මාතලන් මේ රටේ පුරවැසියෙක් වූයෙන් අපි ද අපේ වගකීමක් සේ සලකා හැකි පමණ සාධාරනය වෙනුවෙන් පෙනී සිටිමු.

    ReplyDelete

Followers

Powered By Blogger