Wednesday, November 7, 2012

ගිනි වගේද හිම


හිමන්දි කියලා ගෑල්ලමයෙක් ලස්සන නිර්මාණත් එක්ක බොගක් දානවා "ෆයර් & ස්නෝ" (Fire & Snow) නමින්. ඔහේලත් ගිහිල්ල බලලා කොමෙන්ට් එකක් එහෙම දාලා සප් එකක් දෙන්න. ගෑල්ලමයෙක් නිසා ෆලෝ පාරක් දැම්මත් පාඩු වෙන එකක් නෑ.

උපුටාගැනීම

මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
 
"අව්වේ තියෙන රැස් මාලා අඩුවේවා 
ගව්වෙන් ගව්ව දිව මාලිග ඉදිවෙවා"
 
යසෝදරාවතේ  කවියකින් මේ  මට මතක කොටසක්. මේක ලියලා තිබුණ කොළ කෑල්ලත් මට මතකයි. හතරට නවපු දුර්වර්ණ වුනු කොලයක්. තිබුණේ මිතුරෙක්ගේ පසුම්බියේ. මොකක් නමුත් හේතුවකට මිතුරා නිතර මේ කොළ කෑල්ල එලියට අරගෙන කියෙව්වා. සමහරවිට ඔහුගේ පරණ පෙම්වතියකගෙන් ලැබුණු තිළිණයක් වෙන්න ඇති කියලයි මට ඒ දවස්වල හිතුනේ. යසෝදරාවත පිටිපස්සේ කතාවත් මට කිව්වේ ඔහුමයි. ඒ කවිවල, ඒ පිටිපස්සේ ඇති අදහසේ සුන්දර බව තේරුණත් තමන් අතැර ගිය කෙනෙකුට ඒ වගේ දෙයක් පතන්නේ කොහොමද කියලා මට ඒ කාලේ හිතාගන්න බැරි වුණා. යසෝදරා ට වුණත් පොඩි හරි දුකක් දැනුනේ නැතිවෙන්න පුළුවන්ද? දරුවෙකුත් එක්ක තනි වෙද්දී පුංචි හරි තරහක් වත් දැනුනේ නැති වෙන්න පුලුවන්ද?

උපුටාගැන්ම අවසන්..

ඉකමනටම ගිහින් මෙතනින් බලන්නකෝ හිමන්දි හොඳද කියලා.

No comments:

Post a Comment

Followers

Powered By Blogger