නෝටිගේ කොළම කියලා කවි බ්ලොග් එකක් තියෙනවා නෝටී කියලා එකෙක් තමයි ඒ කයි පද බඳින්නේ. අමුතු ජාතියේ කවි තමයි එයා ලියන්නේ. ඒ වගේ රැඩිකල් කවි වලට මම හුඟක් කැමතියි. ඔයාලත් ගිහින් බලන්න. කොමෙන්ට් එකක් එහෙම දාලා සහයෝගයක් දෙන්න.
උපුටා ගැනීම
බාඳුරා..,
* බාඳුරා කෙණ්ඩියේ වැටී දඟලන කුහුඹුවකුට අසලින් ඇදෙන සුළං රැල්ලේ මිමිණුම ,
" මිත, ඇයිද මලක් වෙත නොගොසින්
කොළයක් වෙත ළඟාවුනේ
මලක වෙනස නොදැනද නුඹ
කොළයක පහසක් පැතුවේ "
* මියෙන මොහොතේ කුහුඹුවාගේ කෙඳිරුම ,
" මලක මහිම දැන සිටියද
බාඳුරාව මලක් කියා
මා රැවටුව ලෝකයෙන්ම
අසාපන් නුඹේ පැනය "
No comments:
Post a Comment