Saturday, December 17, 2011

ආශ්චර්ය කෙසේද යත්

by - Sajith Chinthaka Sevanagala


බත බැලුවම
හොද්ද පේන
හඩ්ඩෝ
පාළු ගෙවල්වල
වළං බිඳ බිඳ
රට යවන අතක හැටි

රජුට නෑකම් පාන
අසුන්දරයෝ
විමසන
සංවර්ධනෙන්
ඇස් නිලංකාර
කරන හැටි

රදළ පෙළපතේ
අදර්මන්ලා
තරාදියේ යකඩ පටි
ගිල දමා
හෙළුවෙන්
බඩු කිරන හැටි

තිලක තියාපු
කුමාරවරු
අපෙ ඩිංගගේ කමලගෙ
අතීසාරයට
කඩෙන්
කෝපී පොවන හැටි

ආශ්චර්ය
බල බලා ඉඳපල්ලා
තව තවත්
මුන් දෙන ලණු ගිලලා
මහජනයා
කඹ රෙන හැටි

3 comments:

  1. එහෙම වත් ඒ ලණු දිරෙව්වොත් හොඳයි.. මම හිතුවේ ඒවා ගිල ගන්න බැරි ව ගලේ රීපු බළල්ලු වගේ ඉඳීවි කියලා!!

    ReplyDelete

Followers

Powered By Blogger