Pages

Friday, June 7, 2013

පෝලිම කඩන් සිරි පැරකුම් ඇවිත්...


පෝලිම කඩන් 
කඩු අත අරන් 
තර්ජන කරන් 
පැරකුම් ඇවිත්...! 

නිෂ්පාදකයෝ 
පුදුමෙන් බලත් 
පෝලිම කඩා 
පැරකුම් ගෙනත්...! 

පොහොසත් රෙජීමය 
පොහොසත් කරත් 
පැරකුම් ඇවිත් 
පෝලිම් කඩත්...! 

අවුලන බලේ 
හෙළ බොදු බලේ 
සිනමා හලේ 
හෙළුවෙන් හැලේ...! 

කඩේ ගිය බලේ 
කලාවට බැලේ 
නීතිය උලේ 
රට යයි කැලේ...! 

නඩු නැති රටේ 
යුක්තිය වැටේ 
පුස්සන් වටේ 
නැට්ටන් නැටේ...!

 දයා නෙත්තසිංහ

4 comments:

  1. මෙහෙව් රටට මොට පායා ද සූරියා කියල ද කියන්නේ?

    ReplyDelete
  2. 1989 di diyathalawe hamudaa bangalawe polima neweyi thawath ewwa kaduwa mathakada renukaa nangi?

    ReplyDelete
  3. කමක් නෑ බයිස් කොපීය බලා සැනසේමු...

    ReplyDelete
  4. එයාලට ඉතින් විශේශ සැලකුම් නෙ.

    ReplyDelete