Pages

Wednesday, October 10, 2012

විපස්සක දෙවියන්ගේ පොහොර






උපුටාගැන්ම


අපේ නලින් සිල්වා මැති තුමාට දෙවියන් මාර සපෝර්ට් දෙන්නේය. මීට කලින් ආසනික් කේස් එක වෙලාවේ නාථ දෙවියන් ඇවිත් ෆුල් බැක් අප් එකක් දුන්නේය. ඒ සපෝර්ට් එක නිසා රජ රට වකුගඩු කන ආසනික් යකා  හොයා ගන්නට ඇහැක් විය.

නාථ දෙවියන් නොහිටින්ට එක  රජරට ගොවියකුගේවත් වකුගඩුවක් ඉතුරු වෙන්නේ නැත. දැන් කැළණිය විස්ස විද්දියාලේ විද්‍යා පීඨෙත් ,රජරට විස්ස විද්‍යාලේ වෛද්‍ය පීඨෙත් නාථ දේවාල දෙකක් හදා වකුගඩු රෝගෙට බෙහෙත් ගජරාමෙට කරගෙන යනවාය. අනුරාධපුර පැත්තේ ඉස්පිටිතාල ඔක්කොම වසා දමලාය. දේවාලෙන් ලෙඩ හොඳ කොරන කොට ඉස්පිටිතාල මොකටද කියා බම්බු ඇමති තුමා ඒවා වසා දැම්ම අතර ඒවායේ නාථ දේවාල හැදීමට මර්වින් තුමාට භාර දී තිබේය.

නාථ දෙවියන්  විතරක් නොව විපස්සක දෙවියනුත් අපේ නලින් තුමාට උදව් කරනවාය.ආසනික් පොලවට එකතු වෙන්නේ පොහොර හා කෘෂි  රසායනික නිසා බව නාත දෙවියන්ට පෙනුනත් , ඒ වෙනුවට මොනවා යොදා ගන්නදැයි එතුමා දැන හිටියේ නැත. ඒ නිසා නාත දෙවි තුමා ඒ වැඩේ ගැන පරීක්ෂණ කොරන්නට භාර දුන්නේ විපස්සක දෙවියන්ටය. ( නලින් තුමා චන්න ජයසුමනට වැඩේ භාර දුන්නා වගේය.) 

උපුටාගැන්ම අවසන්

 තවත් සාර්ථක බොගක් නම "අමාවක" බොහොම අය දන්නේ නෑ. නමුත් අවශ්‍ය මේ වගේ අයයි මෙතනින් බලා ලුහුබඳින්නකු (Follower) වී ඔහුව දිරි ගන්වන්න.. 

No comments:

Post a Comment