Pages

Saturday, November 3, 2012

විට තට්ටුවේ හයිකු කවිය


නිර්මාණය - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
විසි හයයි ශ්‍රී වැලි ලොරිය
රියැදුරු තැනත් නළුවෙක් වාගෙයි ලස්සන
හැමදාම තට්ටුවෙන් මිටක් මිලදී ගන්න
අපට හරි ලොකු දෙයක් නොවැ
කස්ටමස්ලා ඇවිත් නවතින

ආරන මී කඳක් වැනි
ගෝමර ඉසින විසි තුන් වියැති බිරිඳය
ගස්ස ගස්සා පැද්දෙන
වැලි ටිපරයේ ඩිකිය වැනි සට්ටම !

සතියෙන් දෙකෙන් අපුලක් උනාදෝ
අපෙ ගෑනීට
අනේ මගෙ කවිකම !
නොවීනම් නැති බැරිකම !
වැලි ගුණේ සමගින් හොරෙන් ගිය
කලා සොලොසම පිරුණු පුන්සඳ

තට්ටුවේ සිටිමි අදත් මම තනියම
වෙට්ටුවක් දමා යයි වංගුවෙන් අළුත් ජෝඩුව
විසි හයයි ශ්‍රී වැලි ලොරිය වෙනුවට
වැලි ගුණේ ළඟ අදත් මගේ බැකෝ එක


ශ්‍රී අකුර වෙනුවට පැමිණි දා
හිස් දිවියෙ දික් ඉර
නව ලිබරලයෙ දෙවනි ඉනිමද මේ
ගෙවන්නේ දුක්බර.

උපුටාගැන්ම -
රාවය - 2012/11/04

1 comment: