Tuesday, April 28, 2015

ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය


"ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය" නමින්, බ්ලොග් සංසදයක් ආරම්බ කරන්න, ලංකා නිව්ස් වෙබ් අඩවියේ බ්ලොග් අජිත් හා චන්දිම මූලීකව කටයුතු ආරම්බ වෙලා තියෙනවා. ඒ ගැන මූලික අදහසක් අපේ "කලාහිත" පෝස්ට් එකක් මගින් එලිදක්වලා තියෙනවා.

බ්ලොග් වලට ආදරය කරන සියළුම දෙනාගෙන් කාරුණිකව කරන ඉල්ලීම නම්, එම පෝස්ටුව නිවි සැනසිල්ලේ කියවා, ඔබේ අදහස් හා යෝජනා කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කරනා ලෙසයි.

ස්තූතියි..!

පෝස්ටුවට
<<< මෙතනින් ගොඩවන්න >>>

8 comments:

  1. කියෙව්වා, කියෙව්වා පෝස්ටුව කියෙව්වා, ඕක කියවලා මට තාම හති

    ReplyDelete
  2. ඕනෑම කෙනෙක් තමන්ගේ බ්ලොග් එක හෝ අදහස් ලොකු පිරිසක් අතරට යනවට කැමතියි. ඒ අතින් බැලුවම මේ වැඩේ ඉතාමත් කාලෝචිතයි ඒ වගේම ප්‍රායෝගිකයි. ඒ තම ධනාත්මක පැත්ත. මම කැමැති කාසියේ අනිත් පැත්තත් දකින්න. නෙලුම් යාය මුලින්ම කරලියට එන්නේ 2014 අග භාගයේ. අපි බ්ලොග් පොස්ට් බැලුවොත් ඒ කාලයේ එක රැල්ලක් තිබ්බා MR හා පැවතුන රජයට එරෙහිව. FB එකෙත් ඒ රැල්ලට බ්ලොග් කරුවෝ සක්‍රීයව දායක උනා.
    සීමාවෙන් පිටත ඉඳන් ට්‍රෙන්ඩ් එක දිහා බලන මනුස්සයකුට හොඳට තේරෙනවා මේක යන්නේ කොහෙටද කියල. එතකොට හොද political, analytically mind එකකට තේරුම් ගන්න පුළුවන් මේ අලුත් ට්‍රෙන්ඩ් එක, force එක control කරන remote එක අතේ තියන කෙනාට අනාගතයේදී තියන power එක. හරියට workforce union වල සහ student union වල power එක JVP එක ළඟ තිබ්බ වගේ.
    අනික මේ සද් කාර්යය පිටි පස්සේ ඉන්නේ LNW. අපි ඒ ගොල්ලෝ ගැනත් හොඳට දන්නා නිසාත්, ටිකක් එලියට ඇවිත් බැලුවොත් අපිටත් වෙනස්ම image එකක් පෙනෙයි. නෙළුම් යායයි presidential election එකයි අහම්බයක් කියල හිතන්න කැමති අය එහෙම හිතුවට කමක් නැ. පසුගිය මාස 5 ට නෙළුම් යායේ හැසිරීම graph එකක ඇන්දොත් අංශක 45 ක වඩා වැඩි ආනතියකින් උඩ නැගල තියනව පෙනෙයි අපිට. ඒ වගේ ට්‍රෙන්ඩ්ස් හරිම unusual and very suspicious.

    P.S: අපහාසයක් කියල හිතන්න එපා. කොට තට්ටයෝ ඉන්නවා නේද? පරෙස්සමෙන්.

    Rider

    ReplyDelete
  3. මම මගේ බිරිඳත් එක්ක ලංකාවට ගිය වෙලේ මගේ යාළුවන්ට සාදයක් දුන්න. හතර පස් දෙනෙකුට. මම අරන් දුන්න බෝතල් වලින් බිල මමම ගෙනාපු බයිට් කාල, මම ගෙවපු පූල් එකෙන්ම නාල , එක උස යාළුවෙක් මට වැඩිය උස මගේ බිරිඳ දිහා බලල කිව්වා - මිට්ටා කට්ටයා කියල. කොට තට්ටයන් වගේම උඩු රැවුල තියෙන කට්ටයන් ගෙන්, රැවුල වවා ගෙන ඉන්න කට්ටයන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ නැත්ද? විනිවිද පෙනෙන්න කරන වැඩ දිහා බලල කියනවා පරිස්සම් වෙන්න කියල. හරි ආතල්. කොට තට්ටය කියන්නේ අපහාසයක් මිනිහෙකුට. ඇත්ත නමින් ඇවිත් කතා කරමු. එතකොට හොයා ගන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක තමා මිනිස්සුන්ට නිදහස දීම. වැඩවසම් රදලයන්ට තියන භය නැති කිරීම. පොලිසිය ආවහම කණුවේ බැහැල යන්න ඕනෑ කම නැති කිරීම. නෙලුම් යාය කියන එක අවුරුදු ගානක් LNW එකේ තිබ්බ එකක්. මම එකට බ්ලොග් දැම්මේ වෙන වාමාංශික බ්ලොග් අඩවියක ඒක කරන්න පුලුවන්ද කියල හොයල. නිදහසට ඉඩ දුන්නහම ඒක දෑතින් බදා ගත්ත එක තමා කලේ.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේක 'smallest are the cleverest' කියන එක සිංහලට දාගත්දී වෙච්ච වරදක් කියලයි. ඉංග්‍රීසි කියමනේ දී මිට්ටා/කොටා කට්ටයා කියන හැගීම නෙමෙයි එන්නේ. කුඩා වුනත් දක්ෂයා කියන හැගීමයි. ගණන් ගන්න එපා ඔක්කොම ඉල්ලක්කම් විතරයිනේ- මේක අර Albert Einstein කිව්වහම ( “Since the mathematicians have invaded the theory of relativity, I do not understand it myself anymore”) ඔහුට ලැබුන උත්තරයක්.

      Delete
  4. මේක දාන්න තව හේතුවක් තමා බ්ලොග් ලෝකයේ ගිය හොඳ නිර්මාණ වලට අනික් මාධ්‍ය වලින් ඉඩ නැති කිරීම. අනික අනික් අයගේ ඉරිසියාව මම පැහැදිලිවම දැක්කා. වාමාංශික වෙබ් අඩවි තමන්ගේ මතවාදයට හරියනවනම් විතරයි පල කරන්නේ. ජාතිවාදී හෝ ආගම්වාදී ඒවා තමන්ට ගැලපෙන ඒවා විතරයි. පත්තර කලේ තිබ්බ ආණ්ඩුවට කහින එක. කරන්නේ නැති ස්වාධින බ්ලොග් කරුවන්ට උදව් කිරීම තමා අපි කරන්නේ. මොකද මමත් එහෙම එකෙක් නිසා. මට තිබ්බ බාධක, ඉරිසියාවල් මම දන්නවා.

    ReplyDelete
  5. කල්‍යාණ මිත්‍ර , බොහොම ස්තුතියි ලිව්වට. මිනිසුන්ට දැනුම ලබා දෙනවට විරුද්ධ කවුද ? ඒ අයට අපි විරුද්ධයි. මිනිසුන්ට දැනුම ලබා දීම හා දැනුම පහලම තලයන්ට ගෙන යාම තමා කල යුත්තේ. එතකොට කාටවත් කවුරුවත් රවටන්න බැහැ. මේ බටහිට ලෝකයේ මාධ්‍ය ඉතාම දරුණු විධිහට මිනිසුන්ව රවටගෙන හිටියේ හුඟක් අය . ඔවුන්ට තව දුරටත් ඒක කරන්න බැරි වෙලා තිබෙනවා. සමාජ ජාල සහ බ්ලොග් කරුවන් නිසා. බටහිර මාධ්‍ය ජාල වලින් ම්නිසුන්ව රවටගෙන හිටිය හුඟක් කල්. ඔවුන්ට එය තව දුරටත් කරන්න බැරි වුනේ බ්ලොග් අඩවි හා සමාජ ජාලා නිසා.

    ReplyDelete

Followers

Powered By Blogger