Monday, October 22, 2012

තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

 


 උපුටාගැන්ම...

කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි. 


      මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.


උපුටාගැන්ම අවසන්

වත්මන් පරපුර මේ ගැන දන්නේම නැති තරම්..

මෙතනින් කියවන්න...


4 comments:

  1. බාගයක් විතර බොරු. නමුත් ඒ බොරුව පවත්වා ගෙන යාම 'ශිෂ්‍ය ව්‍යාපාරයට' අවශ්‍ය නිසා හැමදාම ඒ බොරුව පුනරුච්චාරණය කෙරෙනවා.

    උදාහරණයක් හැටියට ඔය පරාල ඇණ කතාව බොරුවක්. තිරිමාවිතාණගේ හිස් දෙපස විශාල හිල් සොයා ගැණුනේ දෙවන මරණ පරීක්ෂණයේදී. ඒවා මරණයට හේතූන් නොව පළමු මරණ පරීක්ෂණයේදී හිස් කබල විවෘත කිරීමේදී පශ්චාත් මරණව සිදුවූ ඒවායි. නමුත් මේ 'පරාළ ඇණ' බොරුව නම් හැමදාම කියැවෙනවා. කන්නන්ගර දරුවොනේ!!

    ReplyDelete
    Replies
    1. බොරු නේ කියන්නේ පරාල ඇන ගැහුවේ නැහැ ත්‍රීමා විතානම ඔළුවට ගහගත්තනේ.බලාගෙන මේ දවස් වල අකුණු ගහනවා.

      Delete
  2. හරි මේක බොරු වෙන්න ඇති,
    ත්‍රිමා මැරුණේ නෑ මරුවා කියන එකත්,
    ඒ මේරටේ අධ්ය්‍යාපනය නිසා කියන ඒකත් බොරු නෙවෙයිනේ,

    ත්‍රිමා , උඹ වගේ එවුන් රටට වාසනාවක්,
    ඒත් උඹ වගේ එකෙක් නැති කරගත්ත රට .............. ?

    ReplyDelete
  3. අනේ මන්ද,,රැග් කාලෙ මතක් උනා..

    ReplyDelete

Followers

Powered By Blogger