Friday, September 14, 2012

ආරාධනාවයි...!!!



මම මේ බ්ලොග් එක ආරම්බ කලේ ඔය උඩින් තියෙනවා වගේම, මගේ පහසුවට හා නවකයන්ට අත දීමට. මුල් කාළයේ පුවත් පත්වල පළවූ, මම ප්‍රියකරන කවි නිසදැස් වගේ ඒවා පලකලා. නමුත් මගේ බලාපොරොත්තුව උනේ, අළුත් අයගේ නිර්මාණ වලට ඉඩක් දීමටයි. සාමාන්‍යයෙන් මේ අඩවියත් දවසකට 200-300 බලනවා. ඒ නිසා ඔබේ නිර්මාණ මෙහි පල කිරීමෙන්, ඔබ කව්ද, ඔබේ බ්ලොග් අඩවිය කුමක්ද කියා, අනිත් අය දැන ගන්නවා. විශේෂයෙන් කාව්‍ය නිර්මාණයන්ට ඉඩ දීම තමයි මගේ බලාපොරොත්තුව.


ප්‍රේමය හා වියෝව ගැන ලියවුන, පල්හෑලි වලින් බ්ලොග් අවකාශයත් පිරිලා. නමුත් මේ මාතෘකා උනත් රැඩිකල් විදියට ලියන්න පුළුවන් නම්, ඒය වෙනසක් වෙයි. සම්ප්‍රදාය බිඳගෙන යන අය තමයි නියම මිනිස්සු කියන්නේ. එහෙම අය මේ බ්ලොග් අවකාශයෙත් බොහෝ ඉන්නවා. ඔබේ සියලුම නිර්මාණ
happyjay65@gmail.com
යන, ඊ මේල් ලිපිනයට යොමු කරන්න. ඔබේ බ්ලොග් අඩවියේ තිබෙන දෙයක් උනත් කමක් නෑ. කරුණාකර ලින්ක් එක නොදමා පින්තූරය හා නිර්මාණය ඊ මේල් එකේම එවන්න.

ස්තූතියි.

මාතලන්

3 comments:

  1. මගේ පෝස්ට් එකක් වත් එච්චර බලන්නේ නෑ බොල මිනිස්සු :D

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් අවාරෙට දෙල් වගේ නේ ලියන්නේ. අනික උඹ අනන‍යතාවයක් ඇතුව නේ ඉන්නේ. අපේ මිනිස්සු හෙන ජාතිවාදියි බන්.. ඒ මොනවා උනත් උඹගේ ඒවා මෙකේ දාන්න අවශ්‍ය නෑ කිසිසේත්ම..

      Delete

Followers

Powered By Blogger